
වායුගෝලයේ විවිධ වායු වර්ග ඇත. ඒවායින් 99% ක්ම ඔක්සිජන් හා නයිට්‍රජන්ය. වායු වර්ග හැරුණු විට ජල වාශ්ප , දූවිලි , දුම් වළාකූළු , ආදියෙන්ද වායුගෝලය සමන්විතය. සූර්යයාගෙන් නිකූත්වන හිරුරැස් කෙලින්ම පෘතූවිය මත පතිත නොවන්නේ වායු ගෝලය නිසාය. සූර්යයාගේ සිට එන අහිතකර පාර ජම්බූල හා එක්ස් කිරණ පෙරහණ වන ඕසෝන වායු ස්තරය දැනටමත් වායු ගෝල දූශණය නිසා හානි වී තිබේ.

ඒ අනුව යම් කාලයක සූර්යය රැස් වලල්ල පෘතූවිය පිහිටන ස්ථානයට 99% පමණ ළඟා විය හැක. නමුත් ඒ වන විට පෘතූවියේ ස්කන්ධය පහත යෑම හේතූවෙන් පෘතූවි කක්ෂය මීට වඩා තරමක් ඇතට වර්ධනය වී තිබෙනු ඇතැයි විශ්වාස කෙරේ.
පරිසර දූශණය හා ඕසෝන් ස්ථරයට හානි වීමේ බලපෑම




වායුගෝලයේ කාබන්ඩයෝක්සයිඩ් ප්‍රතිශතය ඉහල යාම නිසා ගෝලීය උශ්ණත්වය වැඩිවීමෙන් අයිස් කඳු දියවී සාගර ජල මට්ටම ඉහල යාමේ තර්ජනයක්ද පවතී. මේ නිසා මාල දිවයින වැනි රටවල් මුහුදේ ජල ම්ටම උස් වීමෙන් ගිලී යාමටද පටන් ගෙන ඇත.

පෘථිවියට ජලය ලබාදෙන වර්ෂණ ක්‍රියාවලිය වායුගෝලයේ සිදුවන අන්තර් ක්‍රියාකාරීත්වයන්හි ප්‍රථිඵලයකි. කාළගූණ හා දේශගූණික සාධක පිළිබඳව වායුගෝලය දැඩි බලපෑමක් ඇති කරයි. පෘතුවිය අධ්‍යනය කිරීමේදී එහි ඇතුවන ස්වාභාවික හා පාරිසරික උපද්‍රව පිළිබඳව දැන සිටීමද වැදගත් වේ. චණ්ඩමාරැත (hurricanes), ටයිපූන් (typhoons) මේවායින් ප්‍රධාන ස්ථානයක් ගනී. ඊට අමතරව භූමිකමිපා , නායයෑමි , සුනාමි , ගිණිකඳු , ටෝර්නේඩෝ ( tornadoes) , ගිලාබැසීමි , හිම කූණාටු , ගංවතූර , ඉඩෝර වැනි තත්වයන්ද අත්විදින්නට ලැබේ.







