ජල ගෝලයෙන් වැසී ඇති පෘතූවි පෘෂ්ඨයේ 71 % හැරුණු විට ඉතිරි 29% ගොඩබිම්ය.අප ශිලා ගෝලය වශයෙන් හදුන්වන්නේ මෙම ගොඩ බිම් කොටස්ය.පෘථිවියේ අරය කි.මී. 6377.5 වුවද ශිලා ගෝලයේ ඝනකම කි.මී. 5 -- 65 අතර ප්‍රමාණයකි. ඒ අනුව ශිලා ගෝලය වශයෙන් ගැනෙන්නේ පෘථිවිය මතූ පිට ඇති තූනී වැස්මකි. පෘථිවි කබොළ වශයෙන්ද එය හැඳින්වේ.

මහාද්වීපවලට වඩා විශාලත්වයෙන් අඩු තූන්පැත්තකින් ජලයෙන් වටවූ ගොඩ බිම් කොටස් ශිලා ගෝලය තූල දැකිය හැකි වෙයි. ඒවා හදුන්වන්නේ අර්ධද්වීප වශයෙනි ඉන්දියා අර්ධද්වීපය , බෝලකන් අර්ධද්වීපය ඒවාට නිදසුන්ය.
ඉහත කී ගොඩබිම් කොටස් දෙකටම අයත් නොවන සම්පූර්ණයෙන්ම ජලයෙන් වටවූ කූඩා ගොඩබිම් කොටස් ඇත. ඒවා දූපත් ලෙස හදුන්වයි. ශ්‍රී ලංකාව , ජපන් දූපත් සහ මැඩගස්කරය එවැනි දූපත් කීපයකට නිදසුන්ය.

මහද්වීප , අර්ධද්වීප හා දූපත් යන සියළුම ගොඩබිම් කොටස් මිනිසා විසින් පාලනයේ පහසුව සඳහා දේශපාලන ඒකක ලෙස වෙන්කර ගෙන ඇත. එවා රටවල් වශයෙන් හැඳින්වේ. පෘථිවිය මතූපිට විවිධ භූ විෂමතා ලක්ෂණ දක්නට ලැබේ. ඒවා අතරින් කඳුවැටි , සානු , තැනිතලා ප්‍රධාන භූ ලක්ෂණවේ.


මුහුදු මට්ටමේ සිට ඉතා උසින් යුත් , උස් මුදුන් සහිත ප්‍රදේශ කදුවැටි වශයෙන් හඳුනා ගත හැකි වෙයි. මේවා මානව කටයුතූ සඳහා යොදා ගන්නේ ඉතා සුඵ වශයෙනි. බොහෝ කඳුකර ප්‍රදේශවල ඉතා අඩු ජනසංඛ්‍යාවක් ජීවත් වේ. හිමාලය , රොකී , අන්දීස් එවැනි කඳුවැටිවලට නිදසුන්ය.




උස් ප්‍රදේශවල පිහිටි තැනිතලා බිම් සානු ලෙස ගැනේ . බොහෝ සානු ප්‍රදේශයන්ද මානව කටයුතූ සඳහා අඩුවෙන් යොදාගෙන ඇත. ටිබෙට් , ඩෙකෑන් , පාමීර් එවැනි සානු ප්‍රදේශ වලට නිදසුන්ය.


ඉන්දු ගංගා තැන්න , මධ්‍යම ඇමරිකානු තැන්න , යුරෝපා මහා තැන්න වැනි තැනිතලා මේවාට නිදසුන්ය.


