පෘතූවි භ්‍රමණය රටවල වේලාව වෙනස් වීම
 


පෘතූවි භ්‍රමණය හේතූ කොට ගෙන දිවා රාත්‍රීය ඇතිවන්නා සේම විවිධ ප්‍රදේශවල වේලාවේ වෙනස් කම් ද ඇති වේ. නැගෙනහිර දේශාංශවල පිහිටි රට වලට කලින් හිරු උදාවේ.


 

 

 

මේ භ්‍රමණයේ ප්‍රථිථලයක් වශයෙන් විවිධ ප්‍රදේශවල වේලාවේ වෙනස්කම් ඇතිවේ. පහත සඳහන් රූපය බලා එසේ වේලාව වෙනස් වන අයුරු වටහා ගන්න.


 
 

වසර දෙකකට පෙර ජපානයට ගිය සිය මව ආපසු එන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටි ශානිකාට දුරකථන ඇමතූමක් ලැබුනි. තෝකියෝ ජාත්‍යන්තර ගූවන් තොටුපලේ සිට ඇය ඇමතූ මව , එදින ප.ව. 10.00ට තෝකියෝ ජාත්‍යන්තර ගූවන් තොටුපළින් පිටත්වන ගූවන් යානයෙන් , ලංකාවට පැමිණෙන බව දැනුම් දුන්නාය.

 

එම ගූවන් යානය තෝකියෝ නගරයෙන් පෙ.ව. 10.00 ට පිටත් වන්නේ නම් , එය ලංකාවේ වේලාවෙන් පෙ.ව. 6.00 ට සිදුවන බව ශානිකා දැනගත්තාය. එහෙත් මෙරට වේලාව සම්මත වේලාවට වඩා විනාඩි 30 කින් වැඩි කර ගෙන ඇති නිසා , එම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ වේලාව පෙරවරු 6.30 බව ඇයට අවබෝධ විය. එසේ වන්නේ එක් එක් ස්ථාන පිහිටි දේශාංශ අනුව වේලාව වෙනස් වන බැවිනි.

 

තෝකියෝ නගරය නැ.දේ. අංෂක 140 පිහිටා ඇති අතර කොළඹ දළ වශයෙන් නැ.දේ. අංෂක 800 පිහිටා ඇත. මේ දෙක අතර  දේශාංශ පරතරය අංෂක 60 කි. දේශාංශ 2 ක් අතර දුර පසුකිරීම සඳහා ගතවන කාළය විනාඩි 4 කි. දේශාංශ 15 ක් පසුකිරීම සඳහා පැයක් ගතවේ.

 

මේ අනුව දේශාංශ 60 ක් පසු කිරීම සඳහා ගතවන කාළය මෙසේ ගණනය කල හැකිය.

දේශාංශ පරතරය =60
=60 * 4
=විනාඩි 240
=240/60

වෙනස පැය 4 කි.


තෝකියෝ සහ කොළඹ අතර වෙලාවේ වෙනස පැය 4 ක් බව දැන් ඔබට පැහැදිලි වනු ඇත.

 

මේ නිසා යම් දේශාංශයක සිට නැගෙනහිර දෙසට ගමන් කරන්නේ නම් , සෑම දේශාංශයක් වෙනුවෙන්ම  වේලාවට විනාඩි 4 බැගින් එකතූ වීමක් සිදුවන අතර , බටහිර දෙසට ගමන් කරන්නේ නම් , එසේ විනාඩි 4 බැගින් අඩුවීමකූත් සිදුවේ. මේ උදාහරණය කියවා බලන්න.

 

අංශක 0 දේශාංශයෙහි පිහිටි (ග්‍රිනීච් රේඛාව ) පිහිටි කිසියම් නගරයක වේලාව පෙ.ව. 10.00 යැයි සිතන්න.එවිට නැ.දේ. අංෂක 90 පිහිටි නගරයක වේලාව ප.ව. 4.00 ය. එහෙති බටහිර දේශාංශ අංෂක 90 පිහිටි නගරයක වේලාව පෙ.ව. 4.00.

 

මෙතෙක් අධ්‍යනය කල කරුණු අනුව ඳේශාංශ දෙකක් අතර ප්‍රදේශවල වේලාව

 

විනාඩි 4 කින් වෙනස් වන අන්දම පිළිබඳ ව ඔබට පැහැදිලි අවබෝධයක් ලැබෙන්නට ඇත. වේලාවේ වෙනස අනුව නැගෙනහිර දේශාංශ අංෂක 178 නගරයක සිටින කෙනෙකූ  ගත කරන දිනය සඳුදා වූයේ නම් එදිනම බටහිර දේශාංශ අංෂක 179 නගරයක සිටින කෙනෙකූ ගත කරන්නේ ඉරිදා දිනයයි. මේ නිසා යමෙක් නැගෙනහිර දේශාංශවල සිට ජාත්‍යන්තර දින රේඛාව පසු කර බටහිර දේශාංශ දෙසට ගමනි කරන්නේ නම් , දිනයක් අඩුකර ගත යුතූ අතර බටහිර දේශාංශවල සිට ජාත්‍යන්තර දින රේඛාව පසු කර නැගෙනහිර දේශාංශ දෙසට ගමන් කරන්නේ නම් දිනයක් එකතූ කර ගත යුතූය.




(c) Shilpa Sayura Foundation 2006-2017