නිපාත (නිසි ලෙස ගැලපීම)
නාම හෝ ක්‍රියා නොවන පද වාක්‍යවල අර්ථය නියමාකාරව ප්‍රකාශ කිරීමට යොදා ගනී.
විසින්, මෙසේ, සේ, විනා, සහ, හා, සමග, යළි, හෝ, හෙවත්, නොහොත්, නම්, යන, ආදී, ය, හ, ල, ම යනාදී වශයෙන් නිපාත රැසක් භාවිතා වේ.
නිපාත පද අතරද පද මුලින් හා අගින් ද භාවිතා කරණ අයුරු.
ගම් සහ නගර
අ+නුවණ- අණුවන
දෙදෙනා+ම - දෙදෙනාම
මා යන්නට මිස ඉඳින්නට අකමැතිය.
නිපාත යම් කාර්යයකට සම්බන්ධ හෝ නොවිය හැක.
නෙලසා එමි සොඳුර - නොලසා නම් පදය එනම් ක්‍රියා විශේෂණය සකාර්ය නිපාතයකි.
ගොනුන් විනා කවුරුන් නම් කත්ද තණ - විනා යන පදය අකාර්ය නිපාතයකි
අහො! අනේ! ආදිය ද අකාර්ය නිපාතයන්ය.
නිපාත තව දුරටත් වරනැගීමෙන් පද අර්ථ සාදා ගැනේ.
සමග නිපාතයේ සමගිවැ, සමගින් වැනි විභක්ති (රූපභේද) ඇත.
නිසා, නිසාවෙන්, නිසාද
මෙලෙස, මෙලෙසා, මෙලෙසින්, මෙලෙසින
සිංහලයේ නිපාත ගණන නම් නියමයක් නැත. ජීව භාෂාවකට පද හා නිපාත නිතැනින්ම එකතු වේ.
කාලය සම්බන්ධ නිපාත
නිති - නිතිපතා
කියන - බෝසතාණෝ කියන කල්හී
අනතුරු - අනතුරුව
ඉක්බිති - ඉක්බිති සියල්ලො සතුටින් සිටියහ.
මත්තට - මින් මත්තට
තව - මම තව මොහොතකින් යමි.