උපසර්ග (උප+සර්ග)
උපසර්ග සමීපස්‌ථව වැළඳගැනීම නම් අර්ථය දේ.
නාම හෝ ධාතු (ක්‍රියා) පදයකට මුලින් එකතු කිරීම තුළින් වෙනස් අර්ථයක් ජනිත කරයි.
අනු+මානය=අනුමානය
අව+ගුණ=අවගුණ
අබි+නික්‌මන=අබිනික්‌මන
ප, පර, අව, ස, අනු, දු, වි, අ, අදි, සු, උ, අබි, පිරි, උප, අප , පස්, පිළි, අති,පි යනුවෙන් සිදත් සඟරාවේ උපසර්ග විස්‌සක් දක්‌වා ඇතත් භාවිතයේ ඊට වඩා ඇත.
එවන් උපසර්ගවල සිංහල, පාළි හා සංස්‌කෘත භාශා ස්‌වරූපයන් සැසඳු උදාහරණ බලන්න.
ප-ප-ප්‍ර : පවර , පවර, ප්‍රවර
පර-පරා-පරා : පැරකුම්, පරාක්‌කම, පරාක්‍රම
අව-අව-අව : අවගුණ,අවගුණ,අවගුණ
ස-සං-සම් : සසඟ , සංඝග්ග, සංසර්ග (සම්=සං)
අනු-අනු-අනු : අනුදැන, අනුදැන,අනුදැන
දු-දු-දුර් : දුදන,දුජ්ජන,දුර්ජන
වි-වි-වි : විලස්, විලාස,විලාස
අ-ආ-ආ : අදර , ආදර, ආදර
අදි- අධි- අධි : අදියර, අධිකාරී, අධිකාරී
සු-සු-සු :සුවඳ , සුගන්ධ, සුගන්ධ
උ-උ-උත් : උපත. උප්පත්ති, උත්පත්ති
අබි-අභි-අභි: අබිමන්, අභිමානය, අභිමානය
පිරි-පරි-පරි : පිරිහුන්, පරිහානි, පරිහානි
උප-උප-උප: උපමා, උපමාන, උපමාන
විරුද්ධාර්ථ (විසර්ග භාවිතය)
සමාන - අ+සමාන = අසමාන
රූප - වි+රූප = විරූප
ගුණ- අව+ගුණ = අවගුණ
දන - දු+දන = දුදන
සතු - පර+සතු = පරසතු
අර්ථය බැබලවීම
මහත් - ඉමහත් (ඉ)
තුටු - සතුටු (ස)
ගන්ධ- සුගන්ධ (සු)
මිහිරි\ - සුමිහිරි (සු)
ප්‍රේරකය - උත්ප්‍රේරකය (උත්)
අර්ථය බලවත් කිරීම හෙවත් උසස් කිරීම
බල - ප්‍රබල, පබල
ගැනීම - පිළිගැනීම
ධර්මය - අභිධර්මය
සුදු- පිරිසුදු
අර්ථ උද්දීපනයට උපසර්ග කීපයක් එකතුවන අවස්‌ථා
සිදු - පරසිදු- සු පරසිදු
සුදු - පිරිසුදු - සුපිරිසුදු
ව්‍යවහාර මිශ්‍ර සිංහලයේ අභි, අධි, අති, අනු, දුස්, නිස් , ප්‍රති, ප්‍ර, පරි, සම්, අප, සු වැනි උපසර්ග බහුලය.
සකු (සංස්‌කෘත) පද සමග සකු උපසර්ගද සිංහල පද සමග සිංහල උපසර්ගද යෙදීමට හුරුවන්න|. එය නිවැරදි ක්‍රමයයි].
එනම් අභිනික්‌මන , අබිවෘද්ධි යන වදන් අබිනික්‌මන, අභිනිශ්ක්‍රමණය, අභිවෘද්ධි ලෙස ලියන්න.
අ, ඉ, උ, දු, ක, සු ආදී අක්‍ෂර කිසයම්] නාම-ක්‍රියා පදයකට මුලින් තිබුණු පමණින් ඒවා උපසර්ග නොවේ.
උළු, ඉර, උණ, කසී, සුරා