A, An, The articles භාවිතය
 

Definite and Indefinite Article නිශ්චිත සහ අවිනිශ්චිත

a, an, සහ the නාම පදයක් ඉදිරියෙන් භාවිතා කරයි.
ඒවා ගණන් කළ හැකි ඒක වචන සඳහා පමණක් භාවිතා කරයි.
යමක් අවිනිශ්චිතව සඳහන් කිරීමට a හෝ an භාවිතා කරයි.
උදාහරණ : ළමයෙක්, ගමක්, බෝලයක්, බසයක්.
සිංහල භාෂාවේදී ළමයා යන පදයට 'අක්' ප්‍රත්‍යය එකතු කර ළමයෙක් ලෙස ලියයි.
ළමයෙක් යන්න ඉංග්‍රීසියෙන් a child වේ.
බෝලයක් යන්න ඉංග්‍රීසියෙන් a ball වේ.
මෙහිදී ළමයා හෝ බෝලය නිශ්චිත නොවේ.
එය කුමන ළමයෙක් හෝ විය හැකිය.

a pen, a pencil, a house, a bird, a city, a school සිංහලෙන් කියන්න.
පාර, ගඟ, ගුරුවරයා, මල, මී මැස්සා a යොදා ඉංග්‍රීසියෙන් කියන්න.

අප the භාවිතා කරන්නේ යමක්, යමෙක් හෝ ස්ථානයක් නිශ්චිතව හැඳින්වීමටය.
The boy යනුවෙන් අදහස් කරන්නේ එම ළමයා ලෙසය. එනම් නිශ්චිතය.
A boy යනුවෙන් අදහස් කරන්නේ ළමයෙක් ලෙසය. එනම් අවිනිශ්චිතය.

an භාවිතා කරන්නේ විශේෂ අවස්ථාවලදීය. එය අවිනිශ්චිත බව හඟවයි.
an apple, an elephant, an ink bottle, an orange
an භාවිතා කරන්නේ a, e ,I, o, u යන අකුරු වලින් පටන් ගන්නා අවිනිශ්චිත ඒක වචන සඳහා පමණි. a, e ,I, o, u ඉංග්‍රීසි භාෂාවේ wovels (ස්වර) වේ.
සිංහල භාෂාවේ ස්වර මොනවාදැයි ඔබට කිව හැකිද?

පහත වචන සඳහා සුදුසු පරිදි a හෝ an. යොදන්න

The (එම) පදය යෙදීමෙන් නාම පදයක් නිශ්චිතව දක්වයි.
The boy එම ළමයා වන අතර, a boy ළමයෙක් යනුවෙන් අදහස් කරයි.
That boy අර ළමයා වන අතර, this boy මෙම ළමයා වේ. එවිටද නිශ්චිතය.
A boy took my pen.
The boy took my pen.
That boy took my pen.
This boy took my pen.

සාරාංශය:
the භාවිතා කරන්නේ නියත නාම පදයක් an’ (definite Articles) හැඳින්වීමටයි. a සහ an කියන පද භාවිතා කරන්නේ නියත නොවන නාම පදයක් (indefinite article) හැඳින්වීමටයි.

I like to read the book. විශේෂිත පොතක්
I like to read a book. ඕනෑම පොතක්
I like an orange. ඕනෑම දොඩම් ගෙඩියක්.

an යොදා ප්‍රකාශ කරන්න.
ice cream, oven, umbrella, unforgettable, hour, apple, accident, angle, ant, eagle
english book, elephant, octopus, artist

ඉහත වචන වලට ඉදිරියෙන් the යෙදීමෙන් එහිඅදහස වෙනස් වේද?

පහත වාක්‍යවල අදහස විමසන්න.

I saw an elephant.
I saw a pink elephant.
I saw the elephant.
I saw your elephant.

I saw a star last night.
I saw the moon last night.
I was born in a village.
Thinu had an omelette for lunch.
Thinu likes omelettes.
I want an umbrella for the tour.
That is the umbrella I lost.
Have you got a pen?
Did you bring to the pen?

The capital of France is Paris.
Every country has a capital.

Have you cleaned the car?
I like to buy a car.

There are six eggs here.
There is an egg here.
Bring me the egg you boiled.

Please switch on the TV.
Please bring a TV for us.

We want to buy an umbrella. (Any umbrella.)
It's raining! Where is the umbrella? (We are looking for our umbrella)

This little story should help you understand the difference between a/an and the:

A boy and a girl were walking in the street. The girl saw a cat. The cat was hungry. She asked the boy if he could help her to feed the cat. The boy said: "Do you think the cat will eat a cookie?". The girl replied: "Yes, Cats like cookies". Then they gave a cookie to the cat.

Articles with Countable and Uncountable Nouns:

Countable nouns: a dog, an egg, a big man, an extremely delicious meal

We can use the definite article the with all nouns:
the dog, the eggs, the big cars, the music, the food, the red kite
The යොදා අප අදහස් කරන්නේ, නිශ්චිතවම දන්නා දෙයක් ගැනය.

අප බහුවචන වල දී a article භාවිතා නොකරමු.
dogs, eggs, hot meals, music, kites

එහෙත් නියත බහු වචන වලට ඉදිරියෙන් the භාවිතා කරමු.

The dogs bark.
The eggs are nice.
The music is loud.
Th kites are beautiful.

ඔබට මෙම පදවන වෙනස පැහැදිලි කළ හැකිද?
countable singular : a dog, the dogs
plural : dogs, the dogs
uncountable : a music , the music

මෙම වාක්‍යය හරිද?
I saw elephant yesterday.
The monkey ate a banana.
I found an car.
I like a flowers.

(c) Shilpa Sayura Foundation 2006-2017