පර වර්ණයේ රූපය පුර්ව වර්ණය අතරට ය,ව, ර ආදී ස්‌වරයක් පමුණුවා ගැනීම
පිරි+අත් - පිරි+ය+අත් - පිරියත්
කොලු+ආ - කොලු+ව+ආ - කොලුවා
නි+අවුල් -නි+ර+අවුල් - නිරවුල්
නි+අතුරු - නි+ර+අතුරු+ නිරතුරු
ද්විත්ව රූප සන්ධිය
පෙර පදයේ අග ස්‌වරය ලොප් කොට ගාත්‍රාක්‍ෂර දෙකක් බවට පත්කිරීම මෙම සන්ධි විදියයි.
ගල්+අම්බලම - ගල්+ල්+අම්බලම - ගල්ලම්බලම
අග+ඉසි- අග+ග+ඉසි - අග්ගිසි
රුක්+අත්තන - රුක්+ක+අත්තන - රුක්‌කත්තන
ඉනි+අල - ඉනි+නි+අල -ඉන්නල
නිරුක්‌ති
සම්මත ව්‍යාකරණ නීති වලට එකඟ නොවන එහෙත් පද සෑදීම පිළිබදව විස්‌තර කළ නොහැකි සන්ධි මෙනම් ය.
අහවර, කෙළවර , ඉපිලේ, රුහිරු, දියාරු, එල්බ, රදු, සෙන්
සංස්‌කෘත වචන වල සන්ධි
දීර්ඝ සන්ධිය
අ+අ-ආ : ගුණ+අගුණ - ගුණාඅගුණ, ප්‍රදීප+අගාර - ප්‍රදීපාගාර
ආ+අ-ආ : මහා+අමාත්‍ය - මහාමාත්‍ය
ආ+ආ-ආ : විද්‍යා+ආල - විද්‍යාල)
ඉ+ඉ - ඊ : යති+ඉන්ද්‍ර - යතීන්ද්‍ර
ඊ +ඉ - ඊ : මහී+ඉන්ද්‍ර - මහීන්ද්‍ර
ශ්‍රී +ඊ - ඊ : ශ්‍රී]+ඊස්‌වර - ශ්‍රී]ස්‌වර
උ+උ - ඌ : ගුරු +උක්‌ති -ගුරුක්‌ති
ගුණ සන්ධි
අ +ඉ - ඒ : සුර+ඉන්ද්‍ර - සුරේන්ද්‍ර
අ +ඊ - ඒ : සුර+ඊශ්වර - සුරේශ්වර
අ+සෘ අර් : සප්ත+සෘෂි - සප්තර්ෂි, මහර්ෂි,
වෘද්ධි සන්ධිය අ වර්ණයට සන්ධියක් එකතු කිරීමයයි.
අ+ඖ : ඖ - මහා+ඖෂධ : මහෞෂධ
අර්ථාවබෝධ, අග්‍රාමාත්‍ය, මහාචාර්ය, දන්තාරෝග්‍ය, ගුරුපදේශ, ආප්තෝපදේශ, ධනේශ්වර, මංගලෝත්සවය, ලංකේශ්වර, විද්‍යෝදය, මන්දෝත්සාහය, ජාතිකානුරාගය,
අත්තස්‌ථාදේශ සන්ධි
අන්තස්‌ථ ස්‌වර එනම් ඉ, උ, සෘ .. ආදිය වෙනුවට අන්තස්‌ථ ව්‍යාංජන එනම් ය්, ව්, ර්, ල් ආදිය ආදේශ වීම මෙහිදි සිදුවේ.
ඉ-ය් : අත්‍යලංකාර
හස්‌ත්‍යාරූඩ, ප්‍රත්‍යක්‍ෂ, ව්‍යුත්පන්න, අත්‍යවශ්‍ය, භක්‌ත්‍යාදර, ජාත්‍යාලය, ප්‍රත්‍යුපකාර
ව්‍යංජන සන්ධි
දුස්+ශීල - දුශ්ශීල
නිස්+ශබ්ද - නිශ්ශබ්ද
පය+ධර - පයෝධර
වය+වෘද්ධ - වයෝවෘද්ධ