ශක්තිය ගබඩා කිරීම මගින් සැදූ සෙල්ලම් කරත්තය
 
ශක්තිය ගබඩා කිරීමෙන් පසුව එම ශක්තිය භාවිතා කරන දාහරණයක් විමසා බලමු.
ඒ සදහා ප්‍රථමයෙන් පහත දැක්වෙන  ගන්න.

1. හිස් නූල් රෝදයක්.

2. U හැඩති ලී ආධාරකයක්.

3). රබර් මුදුවක්.
 

එම උපකරණ පහත රූපයේ දැක්වෙන ආකාරයට සකසා ගන්න.
උපකරණය සාදා ගත් පසු මෙහි ඇති හිස් නූල් රෝදය එක් පැත්තකට වාර කීපයක් කරකවා පොළව මත තබන්න.

එවිට U හැඩති ලී කැබැල්ල නූල් රෝදය මගින් ඇදගෙන යන අයුරැ ඔබට දැක ගත හැකිවේ.

මෙය සිදු වන්නේ රබර් පටිය ඇඹරීමෙන් ගබඩා කරගත් ශක්තිය එය පොළව මත තැබූ පසු මුදා හැරීම මගිනි.
(c) Shilpa Sayura Foundation 2006-2017