ස්‌වරාදේශය
 

පදයක ස්‌වරයක්‌ වෙනුවට වෙනත් ස්‌වරයක්‌ යෙදීම ස්‌වරාදේශයයි.

පවත් -පුවත්
නකත්-නැකැත්
අතුරු-අතර

ස්‌වර දෙකක්‌ වෙනුවට එක ස්‌වරයක්‌ ආදේශය
නර + ඉන්ද්‍ර - නරේන්ද්‍ර
මහ +ඉසුරු - මෙහෙසුරු
පස්‌+සිල්-පන්සිල්

ගතකුරකට ගතකුරක්‌ ආදේශය
පිරි+කම් - පිරිකම්
දඬු+කම් - දඬුවම්
ගෙහි-ගෙයි
නවය-නමය
සිත-හිත
සිවල්-හිවල්
සඳ-හඳ
සීන-හීන
කසුබ්-කසුප්
රද්ගම-රත්ගම
බුද්සරණ-බුත්සරණ
කන්මුල- කම්මුල
දෙඋර - දෙවුර

වෙනත් ආකාර සන්දි
වට+උර - වටොර
අරුණ+අරුණෝදය
සුර්ය+උදය - සූර්යෝදය
දෙ+ඇස- දෑස
ක්‍රීඩා+උත්සවය-ක්‍රීඩෝත්සවය
පූජා උත්සවය - පූජෝත්සවය
වාද+අවතීර්ණ- වාදාවතීර්ණ

පද විසන්ධිකිරීම
සකස්‌කඩයෙන් ගත් පහත වචනය විසන්ධි කර බලන්න. ඔබට එහි තේරුම සොයාගත හැකිද.
සර්වපාපමලප්‍රක්‌ෂාලනක්‌ෂනම
උගතමනා- උගත්+මනා
ස්‌වෝත්සාහය - ස්‌ව+ උත්සාහය

(c) Shilpa Sayura Foundation 2006-2017