නාට්‍යමය අවස්‌ථාවක්‌ තෝරා ගැනීම හා රස විදීම.
 
නාට්‍යමය අවස්‌ථාවක්‌ රස විඳීමේ දී අපට උඩරට, පහතරට, සබරගමු යන සම්ප්‍රදායන්ගෙන් කවර සම්ප්‍රදායකට හෝ අයත් නාට්‍යමය අවස්‌ථාවක්‌ද යන්න තෝරා ගැනීමේ සම්පූර්ණ නිදහස ඇත. කිනම් සම්ප්‍රදායකට අයත් වුවත් නිරූපණයේ ස්‌වභාවය බොහෝ විට එක සමානය. සුදුසු නාට්‍යමය අවස්‌ථාවක්‌ තෝරා ගැනීමත්, එය නැරඹීම සඳහා ඔබ යොමු කිරමත් ඔබේ නර්තන ගුරු මහතා හෝ මහත්මිය විසින් සිදු කරනු ලබනවා ඇත. ඔබේ පංතියේ සියලු දෙනාටම එක්‌ව සජීව ලෙස එවැන්නක්‌ නැරඹීමට අවස්‌ථාව සලසාදීම දුෂ්කර කටයුත්තකි. එබැවින් ඒ සඳහා වීඩියෝ පටයක්‌ වැනි මාධ්‍යයක්‌ භාවිතා කිරම හෝ සුදුසු වෙනත් ක්‍රියා පිළිවෙළක්‌ අනුගමනය කිරම පහසුය.
පංතියේ ක්‍රියාකාරකම් වලට අමතර වශයෙන් ඔබ ප්‍රදේශයේ පවත්වන ශාන්තිකර්මයක දී සජීව ලෙස නාට්‍යමය පෙලපාලියක්‌ නැරඹීමේ අවස්‌ථාවක්‌ ලද විට එහි නාට්‍යමය අවස්‌ථා මොනවා ද යන්නත්, එම නාට්‍යමය අවස්‌ථාවල ඇති විශේෂ ලක්‍ෂණ මොනවා ද යන්නත් නිරීක්‌ෂණය කිරීම ඔබට ප්‍රයෝජනවත් වනු ඇත. නාට්‍යමය අවස්‌ථාවක්‌ රසවිඳීමේ දී අපගේ අවධානය යොමු කළ යුතකු ප්‍රධාන කරුණු පහත සඳහන් පරිදි පස්‌වැදෑරුම්ය.
 
1 විවිධ චරිත සඳහා නර්තනය යොදා ගැනීම.
 ශාන්තිකර්මයන් හි රඟ දක්‌වන නාට්‍යමය අංග වල ඇති කැපී පෙනෙන ලකෂණය වන්නේ යම් චරිතක්‌ නිරූපණය සඳහා නර්තනය යොදා ගැනීමයි. එසේ නර්තනය යොදා ගැනීමේ දී එකම අයුරකින් හෝ එක රටාවක්‌ මත නොසිට අවශ්‍යතාවය ප්‍රමුඛ කටයුත්ත කොටගෙන විවිධ ආකාරයෙන් එන චරිතයන් සඳහා ආදේශ කිරම මෙහි සුවිශේෂත්වයයි.
 
 * ගමන් විලාශය සඳහා නර්තනය යොදා ගැනීම.
 * විවිධ අනුකරණයන් සඳහා තාලානුකූල සහ රිද්මයානුකූල චලන භාවිතය.
 * අභිනයන් හා ප්‍රකාශනයන් සඳහා නර්තනය භාවිත කිරම.
 * ගායනය කරමින් නර්තනයේ යෙදීම.
 
 යනාදී වශයෙන් චරිත නිරූපණය සඳහා නර්තනය විවිධ ආකාරයෙන් යොදාගනු ලැබේ. එසේම එම නර්තන අංගයන් නාට්‍යමය අවස්‌ථාවට උචිත ලෙසත්, චරිතයේ ස්‌වභාවයට ගැළපෙන ලෙසත් භාවිත කෙරේ. ඇතැම් විට ඉතාම සරළ චලනයක්‌ මගින් ගැඹුරු අරුතක්‌ හොවා දැක්‌වීමට එම ශිල්පීන් සමතුන් වේ. ප්‍රකාශනයේ තීව්‍ර භාවය ඉස්‌මතු කොට දක්‌වන්නේ නර්තනයේ ලය වේගය අඩුවැඩි කිරම වැනි උපාය මාර්ගයන්ගෙනි.
 ඔබ නිරීක්‌ෂණය කරන නාට්‍යමය අංගයේ නර්තනය හසුරුවා ඇති ආකාරය විශේෂ අවධානයකින් යුතුව අධ්‍යයනය කරන්න. අදාළ චරිතයේ භාවය මතු කිරමට එකී නර්තන යොදා ගැනීමෙන් ලැබී ඇති වාසි මොනවාද යන්න විමසා බලන්න. නොගැළපෙන චලනයන් භාවිත කර ඇත්නම් එයින් චරිත නිරූපණයෙහි සාර්ථකත්වයට ඇති වූ අහිතකර බලපෑම විමසන්න.
 
2. ප්‍රස්‌තුතයට උචිත ලෙස ගායනය යොදා ගැනීම.

 
 නාට්‍යමය අවස්‌ථා නිරූපණය කිරීමේදී ඉදිරිපත් කරන ගායනය එම අවස්‌ථාවේ ස්‌චභාවයට යෝග්‍යවන පරිදි විවිධ ආකාර වලින් දක්‌වයි. ගායන අවස්‌ථා මෙන්ම ගායනය ඉදිරිපත් කරන ආකාරය ද එකිනෙකට වෙනස්‌ ය.
 
 * චරිතයක්‌ සභාවට පැමිණීමට පෙර හඳුන්වාදීම සඳහා කරන ගායනා.
 * චරිතය සභාවට පිවිසීමේ දී වයන බෙර පදය අනුව තාලානුකූලව ගායනය කරන අවස්‌ථා
 * චරිත නිරූපණය කරන අතරතුර දී අදහස්‌ ප්‍රකාශ කරමින් ඒ අනුව ගායනය කරන අවස්‌ථා.
 * නළුවා ඉදිරිපත් කරන ගායනා සහ පසුබිමින් ගයන අවස්‌ථා
 * අත්වැල ඇල්ලීම හෝ කොටස්‌ වශයෙන් බෙදාගෙන කරන ගායනා.
 
 මෙම අවස්‌ථාවල කරනු ලබන ගායනා ද කෙටි කවි දිර්ඝ කවි, තාලානුකූල කවි අනාඝාතාත්මකව ගයන කවි, දෘත ලයට, මධ්‍ය ලයට හෝ විලම්බ ලයට ගයන අවස්‌ථා උස්‌ හඬින් ගයන අවස්‌ථා, පහත් හඬින් ගයන අවස්‌ථා, තනිව ගයන අවස්‌ථා හා සාමුහිකව ගයන අවස්‌ථා, කවිය සම්පූර්ණයෙන් ගැයීම හෝ කොටස්‌ වශයෙන් ගැයීම යනාදී විවිධ උපාය මාර්ග යොදාගනු ලැබේ. මෙම සියලුම ක්‍රමෝපායන් මගින් අපේක්‌ෂා කරන්නේ චරිතයේ යථා ස්‌වරූපය මතු කර ගැනීමයි. අවශ්‍ය භාවයන් තීව්‍ර කර ගැනීමයි.
 ඔබ නරඹන නාට්‍යමය අංගයේ මෙම ගායන විධික්‍රමයන් යොදාගෙන ඇති ආකාරය විමසන්න. එයින් චරිතයට ලැබෙන ප්‍රාණවත් භාවය, භාවය උද්දීපනය පිළිබඳව තොරතුරු විමසන්න. එම අවස්‌ථාව සාර්ථකව ඉදිරිපත් වීමට, ගායනයෙන් ලැබෙන පිටිවහල අගය කරන්න.
 
 
3. නාට්‍ය අවස්‌ථාවේ හා වාදනයේ අනුකුල බව
 
 නාට්‍යමය අවස්‌ථාවක ප්‍රබලතාව හැමවිට වාදනය මත රදා පවතී. චරිත නිරූපණ කාර්යයේ ඳී බෙරය විවිධ ආකාරයෙන් වාදනය කරනු ලබයි. එකී දක්‌ෂතා මගින් වාදන ශිල්පියා විසින් චරිත නිරූපණ කාර්යයේ යෙදෙන නළුවාට ලබා දෙන සහාය කවර මට්‌ටමක පවතී ද යන්න නිරීක්‌ෂණය කරන්න.
 
 * නළුවා සබයට පිවිසීමට පෙර කවර හෝ වාදන කාණ්‌ඩයක්‌ යොදා ගනු ලැබූ වේ ද? එසේ යොදාගනු ලැබුවේ නම් වේදීකාවට එන නළුවා නිරූපණය කරන චරිතය පිළිබඳව ප්‍රේකෂකයා තුළ පූර්ව නිගමනයක්‌ ඇති කිරමට එම වාදනය සමත්වූයේ ද? එමගින් පේ්‍රක්‌ෂකයා තුල ගොඩනැගෙන චිත්ත රූපය කිනම් ආකාරයක්‌ ගත්තේද?
 * නර්තනයේ උච්ච අවස්‌ථා හා මෘදු අවස්‌ථා, සරළ අභිචලන, යොදා ගන්නා අවස්‌ථාවලදී අවස්‌ථාවට ගැළපෙන ලෙස ලය හා හඬ පාලනය කර ගැනීමක්‌ සිදුවුණිද?
 * තාලානුකූලව කරන වාදන හා රිද්මයානුකූලව කරන වාදන චරිත නිරූපණයට ඇති කරන බලපෑම හා ගැළපීම කවර මට්‌ටමක පවතී ද?
 * චරිතය නිරූපණයේ යෙදෙන අවස්‌ථාව හා එකී චරිතයට ගැළපෙන ආකාරයට අවස්‌ථානුකූලව සම්ප්‍රදායික පාද, නිර්මාණත්මක පද හා බෙරයෙන් උපදවන වෙනත් විවිධ ශබ්ද කවර ආකාරයකින් යොදාගෙන ඇත් ද?
 * ගායනය පමණක්‌ ඇති විට හා නර්තනය පමණක්‌ ඇති විට වාදනයේ කරනු ලබන වෙනස්‌කම් මොනවා ද?
 * වාදනය මගින් ප්‍රේකෂකයා තුළ ඇති කරන මානසික පසුබිම කවර ආකාරද? යනාදී කරුණු පිළිබඳව අවධානය යොමු කරන්න.
 
 4. දෙබස්‌ හා සංවාද භාවිතය
 
 ශාන්තිකර්මයක දී කරනු ලබන නාට්‍යමය අංගයන් සඳහා ශිල්පීන් තෝරා ගැනීමේදී ඔවුන්ගේ මුඛරි බව නැතහොත් චතුර ලෙස කථා කිරමට ඇති හැකියාව විශේෂයෙන් සලකා බලනු ලැබේ. බොහෝ විට නළුවා හා වාදකයා අතර සිදුවන මෙම සංවාද මාලාව නාට්‍යමය අවස්‌ථාව කෙරෙහි පේ්‍රක්‌ෂකයාගේ අවධානය මැනවින් යොමුකර ගනියි.
 
 * චරිත නිරූපණයේ යෙදෙන ශිල්පියා හා වාදකයා අතර ගොඩනැගෙන අන්තර් සම්බන්ධතාවය හා එහි ප්‍රබලතාව.
 * සංවාද භාවිතයේ දී හඬ පාලනය, අවශ්‍ය අවස්‌ථාවලදී ශබ්ධය උස්‌ හා පහත් වන ආකාරයෙන් කථා කිරම.
 * දෙපිට කැපෙන වචන හෙවත් ද්විත්ව තේරුම් සහිත වචන භාවිතය හා එමගින් නාට්‍ය තුල හාස්‍ය මතු කිරම.
 * වැරදි ලෙස වචන උච්චාරණය කිරීම. වචන විකෘති කොට උච්චාරණය කිරම මගින් ඇති කරන හාස්‍ය ජනක භාවය හා රසය.
 * අවට පරිසරයේ ඇති ස්‌ථාන නාම හා ද්‍රව්‍යනාම සංවාදවලදී නිර්මාණාත්මකව යොදා ගන්නා ආකාරය.
 * අවස්‌ථානුකූලව දෙබස්‌ හා සංවාද නිර්මාණය කර ගන්නා ආකාරය සහ සම්මතයෙන් පවතින දෙබස්‌ සංවාද යොදා ගන්නා ආකාරය.
 * නළුවා හා පේ්‍රක්‌ෂකයා අතර සම්බන්ධතාවයක්‌ ඇතිකර ගැනීම සඳහා සංවාදය හසුරුවන ආකාරය.
 
 මෙකී කරුණු කවර ආකාරයෙන් ඔබ නිරීක්‌ෂණය කරන නාට්‍යමය අවස්‌ථාවෙහි නිරූපණය වූයේද යන්න විමසන්න.
 
5. වෙස්‌ ගැන්වමේ ක්‍රම - රංග වස්‌ත්‍රාභරණ හා රංග උපකරණ
 
 ශාන්තිකර්ම ආශ්‍රිත නාට්‍යමය අවස්‌ථාවක්‌ රස විදීමේදී අපගේ අවධානය යොමුවිය යුතු තවත් අංගයකි වෙස්‌ගැන්වීම හා භාවිතා කරන රංග වස්‌ත්‍රාභරණ. එමගින් නාට්‍යමය අවස්‌ථාව සාර්ථක කර ගැනීමට විශාල මෙහෙයක්‌ ඉටු කරයි.
 වෙස්‌ ගැන්වීම
 මුහුණ වෙස්‌ ගැන්වීම ආකාර තුනකි.
 
 * මුහුණ වැසෙන සේ වෙස්‌ මුහුණක්‌ පැළඳීම.
 * දත් ඇන්දක්‌ නාසයක්‌ රැවුලක්‌ හෝ කොණ්‌ඩයක්‌ වැනි කොටසක්‌ පමණක්‌ ගෙන ඉතිරි කොටස වර්ණ ගැන්වීම.
 * මුහුණට වර්ණ යොදා කරනු ලබන සාමාන්‍ය වෙස්‌ ගැන්වීම.
 
 කවර ආකාරයෙන් කළත් මෙම වෙස්‌ගැන්වීම් කොතරම් දුරට චරිතයේ ප්‍රබලතාවයට දායක වූයේද යන්න සලකා බැලිය යුතුය. වෙස්‌ ගැන්වීමට යොදාගන්නා පරිසර අමුද්‍රව්‍ය හා ඒවා හැසිරවීමේ ශිල්පීය ක්‍රම, වෙස්‌ මුහුණුවල ඇති භාවමය ලක්‌ෂණ, ඔබ නිරීක්‌ෂණය කරන නර්තන අංගය ඇසුරෙන් සොයා බලන්න.
 
 රංගවස්‌ත්‍රාභරණ ලෙස යොදාගෙන ඇත්තේ මොනවා ද? එකිනෙක නාට්‍යමය අවස්‌ථාවලදී ඒවා හසුරුවනු ලැබ ඇත්තේ කෙසේ ද? යොදාගෙන ඇති රංග වස්‌ත්‍රාභරණ චරිත ස්‌වභාවය මතු කිරමට කවර ප්‍රමාණයකට දායක ව තිබේද?
 එසේම නාට්‍යමය අවස්‌ථා සඳහා යොදාගෙන ඇති රංග උපකරණයන්හී නිමාව කලාත්මක ලක්‌ෂණ අදාළ කාර්යය සඳහා ඇති ගැළපීම, එසේ කිරමට යොදාගෙන ඇති අමුද්‍රව්‍ය හා ඒවා හසුරුවාගෙන ඇති ආකාරය - ඒ ගැන සොයා බලන්න.
 
 අපි මෙතෙක්‌ වේලා වෙන් වෙන් වශයෙන් සාකච්ඡා කළ විවිධ කරුණු එකට එක්‌ ව මනාව සංයෝජනය වීමෙන් සාර්ථක නාට්‍යමය අවස්‌ථාවක්‌ නිරූපණය වේ. ශාන්තිකර්ම නාට්‍ය අංග යනු, දියුණු නාට්‍ය මූලධර්ම අනුව ගොඩනැගුණු ඒ අනුව පවත්වාගෙන යන කාර්යයක්‌ නොවේ. එය හුදු ගැමි නිර්මාණයකි. ඔවුන්ගේ ආශ්වාදය සඳහාම නිර්මාණය වූ අංගයන්ය. එබැවින් එවැනි නිර්මාණ අංගයක්‌ රස විඳීමේඳී එකී ගැමි රසිකයන්ගේ සැබෑ මට්‌ටමට අපට ළඟාවිය හැකි නම් අපේ වින්දනය වඩාත් ඵලදායී එකක්‌ වනු ඇත.