ප්‍රත්‍යාර්ථ නාම
 

නාම පදයකට අගින් එකතු කර විවිධ අදහස්‌ ලබාගැනීමට යොදාගන්නා පද ප්‍රත්‍යාර්ථ නාම වේ.

ඒවා තද්ධිත නාම හා කෘදන්ත නාම වශයෙන් දෙවර්ගයකි.

නාම ප්‍රකෘතියකට ප්‍රත්‍ය එක්‌ වීමෙන් සෑදෙන අන්‍ය නාම තද්ධිත නාම නම් වේ.

ඉ, ඉති, වත්, මත්, මය, මුවා, තර, තම, තා, ඉක, අණි, ආණ ආදී ප්‍රත්‍ය තද්ධිත නාම සෑදීමට ඉවහල් වේ.

ගම්+ඉ = ගැමි
නැව්+ඉ = නැවි
කඩ+ඉති=කඩිති
පින්+වත්=පින්වත්
රූ+මත්=රූමත්
රජත+මය=රජතමය
සෙල්+මුවා=සෙල්මුවා
එඩි+තර=එඩිතර
ප්‍රිය+තම=ප්‍රියතම
සුන්දර+තා=සුන්දරතා
පෞරාණ+ඉක=පෞරාණික
මා+අණි=මෑණි
පිය+ආණ=පියාණ

පහත තද්ධිත පද නිරීක්‍ෂණය කරන්න
කාර්මික, පොකුටු, පෞද්ගලික, පුරාතන, මධ්‍යතන, සදාතන, වර්ණවත්, වින්තන. අවශ්‍යතා, රසායනික, සංස්‌කෘතික, ප්‍රියතා, වකුටු, දැහැමි, සිරිමත්, ගීතවත්, පැණි,ගුණවත්, ස්‌වර්ණමය, රසැති

කෘදන්ත පද
අඛ්‍යාත ප්‍රකෘති (ක්‍රියා නාම) වලට ප්‍රත්‍ය එකතු වීමෙන් කෘදන්ත නාම සෑදේ.

උනු, ඉලි,උම්, මන්, ඊම්, න, නු, උ, ඉ කෘදන්ත පද සාදන ප්‍රත්‍යන් සමහරකි.

රකි+න = රකින
කර+න = කරන
නට+ඉලි =නැටිලි
කිය+උම්=කියුම්
යා+ඊම් = යාම්
වැ+උ=වැයූ
සිඟ+මන්=සිඟමන්
පවත+නු=පවතනු
රක්‌+ඉ=රැකි

පහත කෘදන්ත පද නිරීක්‍ෂණය කරන්න.
සිනාසෙන, දුවන, වැඩුණු, සැඟවී, දිලී, දිලිසෙන, කපන්නේ, වවන, ලියැවුණ

(c) Shilpa Sayura Foundation 2006-2017