උපසර්ග එක්‌කොට ලියනු ලැබේ.
ඉ+මිහිරි -> ඉමිහිරි
ඉමහත්, අසීමිත, අබිමන්, උපගුරු, දුසිරිත්
අනතීත කාල කෘදන්ත පද වලට නො නිපාතය යෙදෙන කල එක් කර ලියනු ලැබේ.
නො+මසුරු -> නොමසුරු
නොසතුට, නොමළ, නොනිමි, නොයන, නොලත්, නොබියව, නොලැබ
අතීතකාල කෘදන්ත හා අතීතකාල අඛ්‍යාත වලදී නො නිපාතය වෙන් කර ලියනු ලැබේ.
නො කළ, නො ගිය, නො රුඳි, නො සෙවූ, නො බැලූ, නො මැරූ, නො ගියහ, නො රුඳුණේය, නො කළේය, නො මැරුවේය, නො බැලුවාය.
විභක්‌ති ප්‍රත්‍ය සමග හා 'ගේ' 'ගෙන්' සම්බන්ධවන පද එක් කිරීමට අවශ්‍ය බව දැනට පිළිගත් මතයකි.
ගංඟාවලින්, ගංඟාවට, ගංඟාවේ, ගංඟාවෙන්
තුමා, වරු, කරු, කම යන පද ඒවාට මුලින් යෙදෙන පද සමඟ එක්‌කර ලියනු ලැබේ.
මන්ත්‍රීතුමා, ගුරුවරු, කම්මල්කරු, අපේකම, ධනවත්කම
පූර්ව ක්‍රියා මිශ්‍ර ක්‍රියා අර්ථයේ යෙදෙන විට, එම පද එක් කෙරේ.
සිනාසිසී, ගලගලා, හඬහඬා, නැගිනැගී, රවරවා, කඩකඩා, ලියලියා
පුද්ගල නාම හා ග්‍රාම නාම එක්‌කොට ලියනු ලැබේ.
තෙල්දෙනිය, බණ්‌ඩාරවෙල, විදානරාළ, නුවරඑළිය, ජයසුමන, මොරගහකන්ද, ගුණවර්ධන
මෙම පද සලකා බලන්න
ගම්උදාව, මුවකමල, ඇත්ගොව්වා, පාපියුම, ධනපතියා, සඳරැස්,අයදුම්කරු, පනස්‌පහ, විසිවන, මල්වලින්, රජුකරා, යනවිට, වෙනවෙනම, තදබල, ඉඩකඩම, නිසඳැස්, අපද්‍රව්‍ය, දිළිඳුබව, ඕතොමෝ, ඉහවහායන, අතිකාලදීමනා, යටත්පිරිසෙයින්, යම්තම්, දසඅතේ, විශ්මයජනක, නැනෙසුලු, හටගැනීම, පසුබැසීම, මෙලොව, සභාතුමූ, පුරාවස්‌තු, අනතුරුදායක, ආදිශිෂ්‍ය, මවුබිම, ඇඳිරිනීතිය, ගුවන්විදුලිය, සිල්වත්බව, මාදැල, මියයාම, ඒතෙමේ
ව, ම වෙන්කර යෙදීම
කරුණාවන්ත ව, දුගී දුප්පත්ව, අසරණ ව, ධනවත් ව, ක්‍රියාශීලී ව, ළෙන්ගතු ව, සම ව, ඔබ ම, සදහට ම, ඉක්‌මනට ම, හතරවටින් ම, නොනවත්වා ම, හදිසියේ ම, කළුවර වත් ම,
දුවන ගමන් ම,
පහත වාක්‍ය පද වෙන් කර ලියන්න.
ඕ තොමෝ ගියාය.
ඕතොමෝ ගියා ය.
ඔබ එන තුරු සිටියෙමි.
ඔබ එනතුරු සිටියෙ මි.
මුර කරු ආවේය.
මුරකරු ආවේය.
සඳ රැස් වැටී දිලේ.
සඳරැස් වැටී දිලේ.
ඇමති වරුන් ගියෝද ?
ඇමතිවරුන් ගියෝද ?
ඒසඳහා ඔබට වරම් ඇත.
ඒ සඳහා ඔබ ට වරම් ඇත.
ඇත් ගොව්වා උසය.
ඇත්ගොව්වා උසය.