සිංහල භාශාවේ අඛ්‍යාත පූර්ණ පද උක්‌තය හෝ කර්මය සමඟ බැඳේ.
එය ව හෝ කර ධාතු, එනම් වීම හෝ කිරීම ක්‍රියාවට එකතුවෙන් සිදුවේ.
වීම එනම් ව ධාතුව එකතු වීම අකර්මකය. එය උක්‌තය හා සම්බන්ධ වේ.
කිරීම එනම් කර ධාතුව කර්මය හා සම්බන්ධ වේ. එය සකර්මකය.
ව එනම් වීම (අකර්මකය)
අපි හොඳ ළමයින් වෙමු.
ඔවුහු සතුරෝ නොවෙති.
හේ ගමට මිතුරෙක් විය.
ඔහු උගැන්වීමට සමතෙක් වෙයි.
අපි ඒ ගැන දත් අය නොවෙමු.
සිරිමලී ගමට ආභරණයක් වූවාය.
වෙමු, නොවෙමු, විය, වූවාය, වූවෝය, වෙති, නොවෙති, වූයේය, නොවූයේය එවන් ව ධාතුව සහිත ක්‍රියා උදාහරණයි.
කර එනම් කිරීම (සකර්මක)
දෙමව්පියෝ දරුවන් ලොකු මහත් කරති.
මම ඔබ උසස් පුද්ගලයෙකු කරමි.
කුමාරයා හොරුන් වරදකරුවෝ කරති.
පුහුණුකරු ක්‍රීඬකයන් දිරිමත් කළේ ය.
පහත වාක්‍යවලට කුමන පදය ගැලපේද ?
මම අනාගතයේ හොඳ (මිනිසකු/මිනිසෙකු) වෙමි.
අප පංතියේ සිසුවෝ ඉගනීමට (දක්‍ෂයන්/දක්‍ෂයෝ) වෙති.
ඔහු ඉතා ගුණ ගරුක (පුද්ගලයකු/පුද්ගලයෙක්) විය.
ඔහු ඉතා ගුණ ගරුක (පුද්ගලයකු/පුද්ගලයෙක්) වෙයි.
පහත වාක්‍ය නිවැරදි කරන්න.
අපි තොපි උගත්තු කළෙ මු.
තවුසා උපාසකවරු සැදැහැවතියෝ කළේ ය.
නිවේදකයා අසන්නු දැනුවත් කරයි.
පඬිවරු අප නැණවතුන් කළහ.
ගායකයා මම රසවතෙක් කළේ ය.