අන්තර් වාක්‍යවල පූර්ව ක්‍රියා
 

අන්තර් වාක්‍යයක්‌ පූර්ව ක්‍රියා පදයක්‌ සමඟ ප්‍රධාන වාක්‍ය හා බැඳීමේදී , අන්තර් වාක්‍යයේ කතෘ අනුඋක්‌ත වෙයි.

සිරීමලී විවාහ වූවාය. + සිරීමලී දරුවන් තුන් දෙනකු වැදුවාය.
සිරීමලී විවාහ වී, දරුවන් තුන් දෙනකු වැදුවාය.

උත්සාහවන්තයෙකු වූ, නිමල් ධනපතියෙකු වූයේය.
සිරිලක අතීතයේ පෙර අපරදිග වෙළඳ මධ්‍යස්‌ථානයක්‌ වූවා පමණක්‌ නොව, සුන්දරත්වය හා සෞභාග්‍යයේ සංකේතයක්‌ද විය.
ශ්‍රේෂ්ඨ පඬිවරයකු වූ, කාලිදාස සාකුන්තලය හා මේඝ දූතය කතුවරයා ද විණි.
දුටු ගැමුණු කුමාරයා එළාර පරාද කළා පමණක්‌ නොව රටද එක්‌සේසත් කළේය.

 
(c) Shilpa Sayura Foundation 2006-2017