ඇම්බැක්‌ක පිහිටියේ මහනුවර දිස්‌ත්‍රික්‌කයේ උඩුනුවර මැද පළාත කොරළයේය. පේරාදෙණියේ සිට පිළිමතලාවට යන මාවතේ 3 වෙනි හා 4 වැනි සැතපුම් කණු අතරින් හැරී වෙලම්බඩට යන මාවතේ සැතපුම් 1 ක් පමණ ගොස් කුඩා කඩවිදීයකදී දකුණට හැරී තේවත්තක් හා කුඹුරක් ඔස්‌සේ සැතපුම් බාගයක් පමණ ගියවිට දේවාල විදියට ප්‍රවේශ විය හැකිය.
මෙහි කැටයම් ඇත්තේ ස්‌ථාන දෙකකවේ.
01. වාහල්කඩ
02. දිග්ගෙය
මෙහි දිග්ගෙය කොටස් 4 කි.
ප්‍රධාන කැටයම් අතර
ක්‍රී.ව. 1357-1374 (14 වන සියවසේ ) ගම්පොළ 3 වන වික්‍රමබාහු රඡ විසින් කතරගම දෙවියන් සඳහා සාදන ලද දෙවොලකි. මෙම ප්‍රදේශය ඡලය සහිත භුමි ප්‍රදේශයක් වන නිසා අඹු බොක්‌ක (ඡලය සහිත වළ) ඇම්බැක්‌ක වශයෙන් ව්‍යාවහාර වු බව ඡනප්‍රාවදාවල සඳහන් වේ. ඉන්දියවේ විඡයනගර් කලා සම්ප්‍රදායට අනුව ඉදිකොට ඇති මෙම දෙවොල වාහල්කඩ මඩොල් කුරුපාව (කණිමඩල) දිග්ගෙය හේවිසි මණ්‌ඩපය කතරගම දේවාලය වී අටුව යන අංග වලින් සමන්විත කොට ඇත.
දේවාල භුමියට ඇතුලුවන තැන ඇති වාහල්කඩ හැරුණු විට මහා දේවාලයත් එයට දකුණු පසින් දේවතා බණ්‌ඩාර දේවාලයත් වම්පසින් කුඩා බුදු මැදුරත් පිහිටා ඇත.
දේවාල භුමියට ඇතුලුවන තැන ඇති වාහල්කඩ හැරුණු විට මහා දේවාලයත් එයට දකුණු පසින් දේවතා බණ්‌ඩාර දේවාලයත් වම්පසින් කුඩා බුදු මැදුරත් පිහිටා ඇත.
මෙහි කැටයම් ඇත්තේ ස්‌ථාන දෙකකවේ.
01. වාහල්කඩ
02. දිග්ගෙය
වාහල් කඩේ දැව කණු 10කි. එවායේ එක් කණුවකට 4 බැගින් ඡනෙල් කැටයම් 40 ක් නිර්මාණයකර ඇත . මේ අතුරින් මව සහ දරුවා දැයටම සුවිශේෂතම නිර්මාණයකි.
මෙහි දිග්ගෙය කොටස් 4 කි.
01. පිරීත් ගෙය
02. මැද දිග් ගෙය
03. හදුන් කුඩම
04. හේවිසි මණ්‌ඩපය
හේවිසි මන්ඩප ගෘහය ගම්පළ යුගයේ පැවැත්වු ආලත්ති ලම්බණ නර්තන පුඡාව සඳහා භාවිතයට ගත් ගොඩනැගිල්ලකි.
02. මැද දිග් ගෙය
03. හදුන් කුඩම
04. හේවිසි මණ්‌ඩපය
හේවිසි මන්ඩප ගෘහය ගම්පළ යුගයේ පැවැත්වු ආලත්ති ලම්බණ නර්තන පුඡාව සඳහා භාවිතයට ගත් ගොඩනැගිල්ලකි.
ඇම්බැක්‌ක දේවොලට අන්තර් ගතවන ප්‍රධානතම ගොඩනැගිලි අංක 08 කි.
01. වාහල්කඩ
02. දිග්ගෙය
03. මහා දේවාලය
04. පල්ලේ දේවාලය
05. බුද්ධ මන්දිරය
06. මුඑතැන් ගෙය
07. වී අටුව
08. හේවිසි මණ්‌ඩපය
02. දිග්ගෙය
03. මහා දේවාලය
04. පල්ලේ දේවාලය
05. බුද්ධ මන්දිරය
06. මුඑතැන් ගෙය
07. වී අටුව
08. හේවිසි මණ්‌ඩපය
මෙහි දැව කණු 32 කි. අගල් 8x8 ප්‍රමාණයේ සතර පැතතේ ඡනේල කැටයම් 128 ක් කැටයමට නගා ඇත.
ප්‍රධාන කැටයම් අතර
01.පරංගි සෙබළා
02. සිංහල හේවායා
03. මල්ලව පොරය
04. කිඳුරි
05. නළගන
06. කුඤ්ඡරය
07. රබන් වයන්නා
08. හංස පුට්‌ටුව
09. යෝගියා
10. මකරා සිංහයා
11. ලී කෙළි ක්‍රීඩාවේ යෙදෙන කාන්තාවන් 6 දෙනා වැනි කැටයම් වැදගත් නිර්මාණවේ.
02. සිංහල හේවායා
03. මල්ලව පොරය
04. කිඳුරි
05. නළගන
06. කුඤ්ඡරය
07. රබන් වයන්නා
08. හංස පුට්‌ටුව
09. යෝගියා
10. මකරා සිංහයා
11. ලී කෙළි ක්‍රීඩාවේ යෙදෙන කාන්තාවන් 6 දෙනා වැනි කැටයම් වැදගත් නිර්මාණවේ.
මෙම කැටයම් සඳහා දැව වශයෙන් ගම්මාලු නා කොස් දැව විශේෂ භාවිතයට ගෙන ඇති අතර ඇම්බැක්‌ක දෙවොලේ කැටයම් නිර්මාණය කර ඇත්තේ දෙල් මඩ මුලාචාරීන් විසිනි.
මඩොල් කුරුපාව
දැව කණු 32 ක් ඇති දිග්ගෙය ශාලාවේ ඉදිරි කොටසේ දැව පරාල 26 ක් එක්‌කොට කුරුපාවකින් රඳවා තැබීම (ලී ඇණයකි) සුවිශේෂ ලක්‍ෂණයකි. මෙය පුරාවිද්‍යා කොමසාරීස් ධුරය දැරු ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් සිංහල වාස්‌තු විද්‍යාවේ ඇති කැණිමඩල හෙවත් මඩොල් කුරුපාව වශයෙන් හදුනාගෙන ඇත. ඉදිරිපස වලයාකර පියස්‌ස රඳවා ඇත්තේ එම කුරුපාව මගිනි.