අවධි විභක්‌තිය
සීමාවක්, පහවීමක්, වෙන් වීමක් හඟවන පද අවධි විභක්‌ති ගනී.
අඹය (ගසෙන්)බිමට වැටිනි.
ලිපිකරුවෝ (කාර්යාලයෙන්) පිටව ගියහ.
රළු (මුහුදෙන්) සුළං හමයි.
දඹදිව (සාගරයෙන්) එහා පිහිටයි.
ගසෙන්, කාර්යාලයෙන්, මුහුදෙන්, සාගරයෙන් නාම පද අවධි විභක්‌ති ගනී.