මේ වදන් කවි පොතෙන් කොටසක්.
කණ් ඨ ජ සත අහ ක වගය වදනින්
තාලුජ සත ඉය ච වගය වදනින්
මූ ර්ධ ජ සත රළ ට වගය වදනින්
දන්ත ජ සත ලස ත වගය වදනින්
බොටුවෙන් උපදින අක්ෂර හෙවත් කණ්ඨජ අක්ෂර සතකි.
ඒවා නම් :- ක, ඛ, ග, ඝ, ඬ, අ, හ
තල්ලෙන් උපදින අක්ෂර හෙවත් තාලුජ අක්ෂර සතකි.
ඒවා නම් :- ච, ඡ, ජ, ඣ, ඤ, ඉ, ය
මුදුනෙන් උපදින අක්ෂර හෙවත් මුර්ධජ අක්ෂර සතකි,
ඒවා නම් :- ට, ඨ, ඩ, ඪ, ණ, ර, ළ
දත්වලින් උපදින අක්ෂර හෙවත් දන්තජ අක්ෂර සතකි,
ඒවා නම් :- ත, ථ, ද, ධ, න, ල, ස
ඔෂ්ඨජ සය ඌ ප වගය වදනින්
තාලුජ කණ්ඨජ ඒ කුරු වදනින්
කණ්ඨජ ඔෂඨජ ඕ කුරු වදනින්
දන්තජ ඔෂ්ඨජ වෝකුරු වදනින්
තොල්වලින් උපදින අක්ෂර හෙවත් ඔෂ්ඨජ අක්ෂර සයකි.
ඒවා නම් :- ප, ඵ, බ, භ, ම, උ
තල්ලෙන් සහ බොටුවෙන් උපදින අක්ෂර හෙවත් තාලුජ කණ්ඨජ
අක්ෂර එකකි. එය නම් :- එ
බොටුවෙන් හා තොල්වලින් උපදින අක්ෂර හෙවත් කණ්ඨජ
ඔෂ්ඨජ අක්ෂර එකකි. එය නම් :- ඔ
දත්වලින් හා තොල්වලින් උපදින අක්ෂර හෙවත් දන්තජ
ඔෂ්ඨජ අක්ෂර එකකි. එය නම් :- ව
මුදු නය දසනය උපදින කුරටා
යෙදු තාලුජය ද සෙසකුරැ වලටා
ල දු අග මැද දිව දුනු තැන් ලෙසටා
හ ඳු නව කරණය කී ලෙස කුරටා
මුදුනෙන් ද දත්වලින් ද උපදින්නා වූ අක්ෂරවලට කරණය දිව අග වෙයි. තල්ලෙන උපදින්නා වූ අක්ෂරවලට කරණය දිව මැද වෙයි. අනෙකුත් අක්ෂරවලට කරණය ඒ ඒ අක්ෂර උපදින ස්ථාන ම වෙයි.
කරණය යනුවෙන් මෙහි හඳුන්වන ලද්දේ අක්ෂර කියවීමට උපකාරී වන ස්ථානය ය.
මේ ලෙස කුරු උපදින තැන් දනුවා
ආ ලෙස අකුරට කරණය දනුවා
වූ ලෙස ඒකජ ද්විජකුරු දනුවා
කී ලෙස ගරුකය ලහුකය දනුවා