කර්තෘ විභක්‌තිය
 

කතෘ විභක්‌තිය
වාක්‍යයක කතෘන් වැඩි ගණනක්‌ යෙදෙන විට අනුඋක්‌ත වන කතෘ කතෘ විභක්‌තිය ගනී.

(සෙබළුන්) විසින් (සතුරෝ මැරෙති).
(ගුරුතුමා) ගැයූ (ගීය හරි ලස්‌සනයි).
(අම්මා) උයන (බත ඉතා රසවත්ය).

සෙබළුන්, ගුරුතුමා, අම්මා කතෘ විභක්‌ති ගනී.
අනුඋක්‌ත කතෘ සමග විසින් යන නිපාතයන් ද යෙදිය හැක.

(ගුරුතුමා) විසින් ගැයූ (ගීය හරි ලස්‌සනයි.)
(අම්මා) විසින් උයන (බත ඉතා රසවත්ය.)

(c) Shilpa Sayura Foundation 2006-2017