ප්‍රථම විභක්‌තිය
 

වාක්‍යයක උක්‌ත කතෘ ප්‍රථමා විභක්‌ති ගනී.

(මම) බත් කමි.
(ලිපිකරුවෝ) ලියුම් ලියුවෝ ය.

කර්ම කාරක වාක්‍යවල උක්‌තවන කර්මය ප්‍රථමා විභක්‌ති ගනී.

දඩයම් කරුවන් විසින් (මුවෝ) වැනසෙති.
(ගෙවල්) මා අතින් සැදෙති.

උක්‌ත කතෘන් වන මම, ලිපිකරුවෝ, මුවෝ, ගෙවල් යන නාම පද ද , ගෙවල් නම් උක්‌ත වූ කර්ම කාරකයද ප්‍රථමා විභක්‌ති ගනී.

(c) Shilpa Sayura Foundation 2006-2017