"පෙර කම් කතු කරණ
සප දම් අවධි සපදම
අදරය අලප් යන
විභත් නවයක් වේය..." (සිදත් සඟරාව)
සිංහල බසෙහි ප්‍රථමා, කර්ම, කතෘ, කරණ, සම්ප්‍රදාන, අවධි, සම්බන්ධ, ආධාර, ආලපන යනුවෙන් විභක්ති නවයකි.
විභක්ති නම් නාම පද යෙදෙන විවිධ ආකාර ලෙසද සිතීමට පුළුවන.
ළමයා, ළමයාට, ළමයාගෙන්, ළමයාගේ යනු විවිධ විභක්ති උදාහරණය. යම් නාම පදයක් ප්‍රථමා, කර්ම, කතෘ, කරණ, සම්ප්‍රදාන, අවධි, සම්බන්ධ, ආධාර, ආලපන යනුවෙන් විභක්ති නවයට වර නැගීමට හැකියාව වර්ධනය කරගැනීම රචනයේ දක්ෂයකු වීමට හේතු වේ.