විරාම ලකුණු නිවැරදි තැන්වල යෙදීම
 

අදහස්‌ නිවැරදිව ජනිත කිරීමට විරාම ලකුණු නිවැරදි තැන්වල යෙදීම වැදගත්ය.

, විරම ලකුණකට කළ හැකි අදහස්‌ වෙනස්‌ කිරීම බලන්න (කොමාව)

ඔහු මරන්න, එපා ඔහුට ජීවත්වන්නට ඉඩ දෙන්න
ඔහු මරන්න එපා, ඔහුට ජීවත්වන්නට ඉඩ දෙන්න

නිවැරදි විරාම ලකුණ ජීවිතයක්‌ බේරීමට හා නැති කිරීමට අදහස්‌ ජනිත කල හැක.

. තිත
වාක්‍යයක නැවතීමේ සලකුණ ලෙසද
ක්‍රි.ව
ශ්‍රී.ලං.ග.ම
ස.තො.ස
කේ. ඩී. ජයවර්ධන

: දෙතිත
සංවාද වලට යොදාගැනේ
කාශ්‍යප රජ : ඇමතිය අර පෙනෙන ගල අපගේ මාළිගා භූමියයි.
ඇමති : එයනම් මනරම් දර්ශනයකි මහරජ.

ඉල්ලුම්කරුගේ නම :

, කොමාව
පුත, මා සමඟ එන්න.
අඹ, කෙසෙල්, ජමනාරම් ආදිය හොඳ පළතුරුය.
ඔහු කඩෙන් හාල් කිලෝ 5 ක්‌, පරිප්පු කිලෝ 1 ක්‌ , සබන් කැටයක්‌ මිලදී ගත්තේය.
ඔවුන් ඈතට දුවමින්, උඩ පනිමින් කෑ මොර දුන්හ.

; තිත් කොමාව
පොදු උන්නතියකින් යුත් වාක්‍ය සම්බන්ධ කිරීමට යොදා ගැනේ.
අප ජය ගනිද්දී, ජනතාව රුස්‌ උනහ ‍; කෑ ගැසුවහ; කලහ කලහ.

- කෙටි ඉර
නාම දෙකක්‌ අතර සීමා දැක්‌වීමටද, ගීයක පද වෙන් කිරීමටද යෙදේ.
ඉන්දු - ලංකා ගිවිසුම.
ක්‍රි.ව. 500 - 600 කාලයේද සීගිරිය ගොඩනැගිනි.
සුවඳ පත්ම ඔලු ආදි - නොයෙක පුෂ්පයෙන් පිරී

" යුගල කොමා
"මහණෙනි සැමට සෙත පිණිස ගම් දනව් වල සැරිසරව්"යි බුදුන් වහන්සේ කී සේක.

' තනි උඩ කොමාව
කිසියම් පදයක්‌ ගැන අවධානය යොමු කිරීමට යෙදේ.
කවි 'සඳැස්‌' හා 'නිසඳැස්‌' යනුවෙන් දෙවර්ගයකට බෙදේ.

උද්ධෘත පාඨ තුල උද්ධෘත පාඨ යෙදීම

මිතුරනි 'ඉදිරියටම යවු'යි ඔවුහු පැවසූහ"යි ළමයා කීවේය.

? ප්‍රශ්නාර්ථය
ඔබ හෙට එනවාද ?

! හර්ශාදී ලක්‍ෂණ නොහොත් තිත්හුල නොහොත් විස්‌මයාර්ථ ලකුණ විස්‌මය, ශෝකය, ආශිර්වාද හො ප්‍රාර්ථනා සමග යෙදේ.

අහෝ! මගේ ගෙය ගැමියා හැඬුවේය.
ඔබට තෙරුවන් සරණයි!
ඇය හොල්මනක්‌ වත් ද!
ඔබ රජවේවා!

() වරහන් කිසියම් අදහසක්‌ තව දුරටත් පැහැදිලි කිරීමට යොදා ගැනේ.

අප උඩුනුවරට (ගඩලාදෙණිය) ඇතුල් වීමු.
සමහර පළතුරු (අඹ, කෙසෙල්, පේර, ජම්බු) ලංකාවේ සෑම තැනකම වැවේ.

' තනි උඩ කොමාව අකුරක්‌ ලොප් වීමේදී යෙදේ.
නැණැ'ති
නෙත'ඟින්
සුවඳැ'ති
ගන'ඳුර

.... තිත් පෙළ තවත් දිගට ලියවෙන බව අදහස්‌ කෙරේ.

/ ඇල ඉර විකල්ප වදන් ලබාදීමට යෙදේ.

හිතවත් මිතුර/මිතුරිය,

ඔබ කියවන පොතක විරාම යෙදුම් සොයන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017