තනි වචන
 

වචන කීපයකින් කියවෙන අදහසක එක්‌ වචනයකින් ප්‍රකාශ කල හැක.

පරපුටු - අනුන්ගෙන් පෝෂණය වන.
අසරුවා - අශ්වයා පිට ගමන් කරන්නා
ආකාශචාරී- ආකාශයේ හැසිරෙන
සාමණේර - උපසම්පදා නොවූ භික්‌ෂුව
යාවජීව - ජීවිතය ඇතිතාක්‌ කල්

නිපාත පද
නාම හා ක්‍රියා පද වල මුල, මැද හෝ අගට යෙදී ඉන් විවිධ තේරුම් ලබාදේ

නිපාත පද සමහරක්‌
ද, ත්, ය, යි, ව, ම, නො, ලු
සහ, හා, සමග, කැටුව, හෝ, හෙවත්, නොහොත්
මිස, නව, විතර, තවද, යළි, නිති
ඉක්‌බිති, තෙක්‌, පටන්, පිණිස, වූකලී, වැනි

ද - අනුරාධපුරය ද පොළොන්නරුව ද සීගිරිය ද බලමු.
ත් - කපුටාත් කොවුලාත් සතුරු බව කියැවේ.

සහ, හා, සමග, කැටුව වැනි නිපාත සමග කතෘන් එකකට වැඩි ගණනක්‌ සම්බන්ධ වූ විට අවසානයට යෙදෙන නාම පදවලට අනුව අවසාන ක්‍රියාව යෙදේ.

සිසුන් සහ ගුරුතුමා චිත්‍රයක්‌ අඳියි.
සිසුවා සමග ගුරුවරු දෙදෙන බසයට නැගුනහ.
සිරකරුවා කැටුව නිළධාරීයින් එති.
නුඹලා හා මම ගණනින් පහක්‌ වෙමි.
ගොවියන් කැටුව නිළදරුවා කුඹුරට ගියේය.

එවන් නිපාත පදයක්‌ නොමැති කල වාක්‍ය ස්‌වරූපය වෙනස්‌ වන සැටි බලන්න.

අපි ළමයින් හා පාසලට ගියෙමු.
කිකිළිය පැටවුන් සමග බියෙන් සිටියාය.
නිළධාරියා ගොවියන් කැටුව කුඹුරට ගියේය.
ළමයින් සහ මව්පියෝ විදුහල්පතිතුමා හමුවූහ.

හෝ - රංබණ්‌ඩා හෝ නුඹ හෝ මම හෝ ගෙදර යමි.
හෙවත් - රාජකපුරු හෙවත් රජ කෝලම අද පෙන්වයි.
නොහොත් - සූර්යයා නොහොත් දිනකර

සංශය (සැකය)
අන්තර් වාක්‍ය සම්බන්ධතා කිරීමේදී යි] නිපාතය සැක සහිත ස්‌වරූපයෙන් යෙදෙන විට ක්‍රියාව ප්‍රථම පුරුෂ බහු වචන ගනී. උක්‌තය කතෘ විභක්‌තියෙන් සිටී.

මිනිසුන් එති'යි ඕ කීවාය.
තාත්තා අද එති'යි නංගී සතුටු උනාය.
අඹ වැටෙති'යි සීයා කියයි.

නො - මම දකිතත් ඔබ නො දකී.
නම් - බර වැඩි නම් අඩු කරගන්න.
වනාහී - සිංහල බස වනාහී සවිමත් බසකි].
වූකලී - කෝට්‌ටේ යුගය වූකලී පාලනය අවුල් වියවුල් වූ සමයකි.
තවද - තවද අප දැනගත යුතු දේ බොහෝය.
යළි- සාරවත් යුගයක්‌ යළි එලඹේද ?
එහෙත් - ලියුම ආවේය, එහෙත් මුදල් නොතිබිණි.
මෙන් - එක දෙක මෙන් භාගයකි.
සේ - හංසදෙනකු සේ ඇය ආවාය.
වැනි- සියඹලා දෙහි වැනි දෙයකි.
පිණිස- පිං පිණිස දෙව
මිස - ගණු මිස දෙණු මට බැරිය, මසුරා කීවේය.
විනා - සිංහල බස විනා මට වෙන බසක්‌ රස නොවේ.
තුරු- අප යන තුරු ඉන්න.
තෙක්‌ - ඔබට අප හා මහනුවර තෙක්‌ යත හැක.
දක්‌වා - රත්නපුර සිට කුරුවිට දක්‌වා යන්න.
විසින්- ගුරුවරයා විසින් කවිය කියවිණි.
නමුත්- මම ආ නමුත් ඔබ නැත.
නිසා - වැසි නිසා වැව් පිරේ.
නිති - නිති පන්සිල් ගමු.
ලෙස - රාජාසන සභාව මට්‌ටම් වන ලෙස කපා තිබේ.
ලු - හේ නෑමට ගියේ ලු.
ම - ඔබ ම එහි යන්න.
අහා - අහා! ඔබගේ ලස්‌සන

උදාහරණ
සිරිපාල ද මල්ලී ද අඹ කැඩුවහ.
නිළමේත් මමත් අහර ගතිමු.
සතුරන් සේ නුඹලා සටන් කලෙහු.
කළමණාකරු හා සේවකයෝ සාකච්චා කළහ.

(c) Shilpa Sayura Foundation 2006-2017