ණ න අක්‍ෂර යෙදීම
 

ට හා ඩ අකුරු වලට බොහෝවිට ණ යෙදේ
ඝණ්‌ටාරය

දණ්‌ඩ, ආණ්‌ඩුව, පාණ්‌ඩුව, රණ්‌ඩුව, පණ්‌ඩිත, අය්යණ්‌ඩි, මණ්‌ඩලය, සම්පිණ්‌ඩනය, පිණ්‌ඩපාත, ඒදණ්‌ඩ, කණ්‌ඩුල, කෙණ්‌ඩිය, භාණ්‌ඩ, මුරණ්‌ඩු,
මණ්‌ඩපය, හෙණ්‌ඩුව, චණ්‌ඩාල, චණ්‌ඩ, දණ්‌ඩ, භාණ්‌ඩාගාරික, පාණ්‌ඩුව, රණ්‌ඩුව, බණ්‌ඩි, චණ්‌ඩි, උණ්‌ඩි, අණ්‌ඩය

කන්නට, කන්නාඩිය, නාඩිය, නඩය, ඇලෙක්‌සැන්ඩර් ඉන් වෙනස්‌ වන පද සමහරකි.

ර අකුරට පසුව ණ යෙදෙන අයුරු
දෙරණ, දරණ, සරණ, අරණ,තොරණ, තරණය, තීරණය, ජීර්ණය, ස්‌වර්ණ, අමරණීය, චූර්ණය, මරණය, රැකවරණ, උදාහරණ, අධිකරණ, අනුකරණ,අනුස්‌මරණය, අනාවරණය, මැතිවරණය, ආවරණය, උච්වාරණය, පුරාණ, වරුණ, කරුණ, වියුණ, සංකීර්ණ, සංස්‌කරණ, හොරණෑව, ප්‍රසාරණය, සාරණ, කිරණ, කාරණය, ගණපූරණය, සමීකරණ, විවරණය, දරුණු, පරණ, වාරණ, පූර්ණ
ධාරණය, නිවාරණ, ආභරණ, ඉරණම, උරණ, පරිහරණ, පෝරණුව, බරණ, විවරණ

ර අකුරට පසුව න යෙදීම
උරන, දරන, දෙදරන, මතුරන, අමෝරන, කරන, අතුරන, කලකිරෙන, තෝරන, පිරිවරින, නිර්නාමික, වදාරන, කකාරන, පොරෝනය, පවරන, වරන, ගුගුරන, තෝරන, තරනය, සරන, පුරන, හදාරන, මෝරන, සීරුන, පීරන, සපිරෙන, සරින්, සූරීන්, සුවකරන, සාරන, පිරුන, බරින,හරින, සූරන, හාරන, වනසරන

සෘ අකුරට පසුව ණ යෙදේ : සෘණ (සෘග් වේදය, සෘතුව) මෙහි 'සෘ' ශබ්ද වන්නේ 'රි' ලෙසය.

ෂ අකුරට පසු ණ යෙදීම
ඌෂ්ණ, නිරීක්‍ෂණය, ප්‍රදක්‍ෂිනාව, භික්‍ෂුණිය, භීෂණ, භූෂණ, දූෂණ, දක්‌ෂිණ. පරීක්‍ෂණය, පෝෂණය, අවශේෂණය, ගවේෂණය, රක්‍ෂණය, පාෂාණය, විශේෂණ, සම්භාෂණය,ප්‍රභාසංස්‌ලේෂණය, භක්‌ෂණ, සම්භාෂණ, අවශෝෂණය, විෂ්ණු, ප්‍රේශණය, ලක්‍ෂණ, පාෂාණ,

ෂ අකුරට පසුව ට යෙදීම
අෂ්ට, දිෂ්ටිය, පිෂ්ට. අනිෂ්ට, දුෂ්ට, පුෂ්ටිමත්, ප්‍රවිෂ්ට, යෂ්ටිය, උත්කෘෂ්ට, නිර්දිෂ්ට
විශිෂ්ට, ශිෂ්ට, ශිෂ්ටාචාරය, නෂ්ටාවශේෂ, දෘෂ්ටිය, කාෂ්ටක, දෂ්ට, ඉෂ්ට

ෂ අකුරට පසුව ඨ යෙදීම
අධිෂ්ඨානය, ජ්‍යේෂ්ඨ, ශ්‍රේෂ්ඨ, ධර්මිෂ්ඨ, පෘෂ්ඨය, පාපිෂ්ඨ, කුෂ්ඨ, කනිෂ්ඨ

ඨ ට පෙර ණ යෙදීම
කණ්‌ඨජ

ශ අකුරට පසුව න යෙදීම
දර්ශන, ප්‍රශ්න, විමර්ශන, දාර්ශනික, ප්‍රකාශන, සංදර්ශන, ප්‍රදර්ශන, නිදර්ශන, ප්‍රශ්න,

ශ අකුරට පසුව ණ යෙදීම්
ශ්‍රේණිය, මිශ්‍රණය, සම්මිශ්‍රණය, ශ්‍රමණ

ව හා ච ට පෙර ශ යෙදීම
පශ්චිම, අශ්ව, විනිශ්චය, ඊශ්වර

අවශ්‍ය, දෘශ්‍ය, විශාකාව (වෙනස්‌ ආකාර)

ශ ස එකලඟ යෙදෙන විට මුල් අක්‍ෂරය ශ වන ස්‌වරූපය

විශිෂ්ට, ශේෂය, විශේෂ, ශිෂ්‍ය

ල ළ එක ලඟ යෙදෙන විට මුල් අක්‍ෂරය ළ වන ස්‌වරූපය

බළලා, උළෙල, පළල, කළල, අළලා, කැළල, පිළිල, සළෙලු, සමනළ්ලු

කලල (මඬ), බල්ලා, කල්ලා, අල්ලා, මුල්ලා, ලූල් (වෙනස්‌ වීම්)

පිළි මුලින් යෙදෙන බොහෝ තැන්වල ළි යෙදේ
පිළිගැනීම, පිළිවෙල, පිළිකෙව්, පිළිසරණ, පිළිමය, පිළියම්, පිළි, පිළිරුව, පිළිපදින, පිළිකා, පිළිතුර, සළුපිළි

ලි යෙදෙන අවස්‌ථාද ඇත.
මොනරපිලි, ඇස්‌පිලි, ඉස්‌පිලි, පාපිලි, තිප්පිලි

අතීත ආඛ්‍යාත හො කෘදන්ත ක්‍රියා රූපවල ණ යෙදෙයි.

වැටිණ, ලියවිණ, පිරුණු, මැරිණ, නිවිණ

ආණ, අණු, අණි යන ගෞරවාර්ථ ප්‍රත්‍ය යෙදෙන තැන්වල ණ යෙදේ.

පියාණ, සිටාණ, දුවණී, මෑණී, තෙරණු, පුතණු, මලණු

ණ මුලට එන තැන් ඉතා අල්පය
ණය, ණයකරුවා, ණයට, ණය වාරිකය

ණ හල්ව වචනයක අගට නොයෙදේ.

නිවැරදි වචන භාවිතය
සාම්ප්‍රදායික, අග්‍රාමාත්‍ය, අමාත්‍යාංශය, මූත්‍ර, පරෝඵකාර, සංග්‍රහ, අත්‍යවශ්‍ය, සහකාර, භයංකර
ගම්බීර, සාමාර්ථ්‍යය, නේත්‍ර, අධ්‍යාත්මය, හෘදයංගම, විද්‍යමාන, සමූපකාරය, නීත්‍යනුකූල
ඓතිහාසික, උත්සාහය, ප්‍රාදේශික, රියදුරා, යකැඳුරා, යෑම, මහාර්ඝ, ආදාහනය, අධ්‍යාපනික
පාරිසරික, වාර්ගික, සාංවත්සරික, මහාස්‌ථවිර, දේශාන්තර, ගෙනැවිත්, නමැති, ප්‍රඥාගෝචර
වෛරස, සීඝ්‍රගාමී, විසඝෝර, ව්‍යාඝ්‍ර, යථාර්ථය, ස්‌තම්භය, ප්‍රස්‌තාවනා, වාර්තා, ප්‍රස්‌තාර, ප්‍රතිඵල
බාහිර, ගර්භිණී, භෘංග නාදය, වීරෝදාර, මද්‍යසාර, ප්‍රදානය, නිෂ්පාදන, විපර්යාසය, කැලණිය, මිල, නිලධාරී, ඉහළ, කෙළ, දළ, පහළ, දිළිඳු, ඇසළ, දොළ, ඇළ, ආක්‍රමණය, අවකාශය, අර්ථය, එළිසමය, එළදෙන, සංඛ

(c) Shilpa Sayura Foundation 2006-2017