රූඩි හා ඉඟි වැකි
 

රූඩි හා ඉඟි වැකි - විශේෂ යෙදුම්ය
ලියන අදහස තීව්ර කිරීමටත්, අදහස වඩා හොඳින් විත්ත රූපයකට මැවීමටත්, රස වින්දනය වර්ධනයටත් විශේෂ යොදා ගැනේ. තේරුමක්‌ සහිත වන මේවා සාම්ප්‍රදායික යෙදුම්ය. අදහස්‌ කෙටියෙන්, ව්‍යංගයෙන් කීමටත් මේවා උපකාරී වෙයි.

අනූ නවයෙන් බේරුනා - අවසන් මොහෙතේ ගැලවීම
අකුල් හෙලනවා - යම් වැඩකට බාධා කරනවා
ඇම ගිල්ලා - බොරු අදහස පිළිගත්තා
ඊ ගසක වේගයෙන් - ඉතා වේගයෙන්
එ‍ලොව පොල් පෙනුනා - මරණය සිහිඋනා
ඔළුව ඉදිමිලා - අහංකාර බව
කිරි ගහට ඇන්නා වගේ - හරියටම වැඩය උනා
තරු පෙනුනා - තිගැස්‌සීමට ලක්‌ උනා
දෙවනත් කලා - කලබල කළා
හය හතර නොතේරෙන - කුඩා දරුවකුගේ වයස

ඔබ කියවන පොතක රූඩි හා ඉඟි වැකි රුස්‌කරන්න. ඒවා ඔබේ රචනාවලට යොදන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017