බහු අර්ථ පද
 

එක්‌ පදයකින් අර්ථයන් රුසක්‌ ජනිත කෙරෙන මෙම පද, වාක්‍ය වල යෙදීම අනුව අදහස තිර වේ.

නා : නායක, නාග, හස්‌ති, නොපැමිණි, නා නම් ගස්‌, නෑම
දිය : ලෝකය, ජලය, දීම, දුනුදිය, ජය
දද : බමුණු, කොඩි, තුවාල, පක්‍ෂි, සමූහය, මෝඩ
මද : මත්වීම, අනංගයා, කාමාශාව, පොල් ආදී මද, මැදීම
පා : පාත්‍ර, පෙන්නා, ප්‍රසාද, පාද, ප්‍රකාශ, පාවීම
දන : ජනයා, ධනය, දානය, දැවීම, දණහිස
සඳ : කාලය, සවස, සන්ධ්‍යා, උතුම්, සන්ධි, කාන්තා


මල : කිලිටි, මල්ලී, පුශ්පය, තොණ්‌ඩුව

ගුත්තිල කාව්‍යය, බුත්සරණ ආදී පැරණි සාහිත්‍ය ග්‍රන්ථයක පිය, සමර, ලිය, පල, අත, කර, වත, සිත,මත, ගත, කත යන වදන් සඳහා බහූ අර්ථ පද සොයන්න.

සමාන වචන නොහොත් අර්ථයෙන් සමාන වන පද
අමරණීය - නොමැරෙන
හස්‌තය - අත
උද්‍යානය - උයන
නීර්භීත- එඩිතර
ඔවා - අවවාද
ඖෂධ - බෙහෙත්
පරිශ්‍රමය - උත්සාහය
පවස - පිපාසය
පටහැනි - විරුද්ධ
ධජය - කොඩිය
යදියා - සිඟන්නා
හසුන - ලිපිය
කුකුස - සැකය

(c) Shilpa Sayura Foundation 2006-2017