නාම පද, ක්‍රියා පද හා කර්ම පද ගැන විශේෂ හැඳින්වීමක් හෝ විස්‌තර කිරීමක් කෙරෙන පද විශේෂණ පද නම් වේ.
නාම විශේෂණ
කළු කුරුල්ලෝ ගී කියති.
සුදු මල්ලී ගෙදර ආවේය.
ගුණවත් මිනසකු වන්නට අදිටන් කර ගණිමු.
සැර බල්ලා බුරයි.
ක්‍රියා විශේෂණ
දුම්රිය වේගයෙන් ගමන් කරයි.
සමන් දක්‍ෂ ලෙස ක්‍රීඩා කලේය.
කිමිදුම්කරුවා ගැඹුරට කිමිදුනේය.
ළමයා ලස්‌සනට පාට කරයි.
කර්ම විශේෂණ
ළමයා අළුත් ඇඳුමක් ඇන්දේය.
ගොවියා දිරූ වැට කැඩුවේය.
හිඟන්නා ඉරුණු සරමක් ඇඳ සිටී.
අම්මා උණු කිරිබත් බෙදුවාය.