සෑම ස්‌වභාෂිකයකුටම තම භාෂාව කිසිදු ආයාසයකින් නොමැතිව අනායාසයෙන්ම කතා කිරීමට පිළිවන. සිංහල භාෂාව කතා කරන්නවුන් පිළිබඳව ද මෙය සත්‍ය වේ. එහිදී ඔවුන් විසින් තම උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතිය මෙහෙයවා නිපදවනු ලබන්නේ ශබ්ද සමූහයකි. භාෂාවේ යෙදෙන එම ශබ්ද වාචික ශබ්ද යනුවෙන් හැඳින්වේ.
ම, න, ෆ, ස, ශ, හ, ර, ල, ව, ය
අ, ඇ, ඉ, උ, එ, ඕ, අ (සංවෘත ආකාරය)
මෙයට අතිරේක වශයෙන් දීර්ඝත්වය (Length) සහ නාසික්‍යත්වය (Nasality) ද යන ලක්‌ෂණ ද ඇත. සිංහල භාෂාවේ ඇති මෙම ශබ්ද ලියා දැක්‌වීම පිණිස අකුරු හෙවත් අක්‌ෂර යොදනු ලැබේ. ශබ්ද වු කලී කනට ඇසෙන ඒකක වන අතර, අකුරු ඇසට යොමුවන සටහන් විශේෂයකි. එම සංකේත සියල්ල ගත් කල්හි හෝඩිය හෙවත් අක්‌ෂර මාලාව යනුවෙන් දැක්‌වේ.
අක්‌ෂර මාලාවෙහි අන්තර්ගත සංකේත සංඛ්‍යාව පිළිබඳව විවිධ මතවාද පහළව තිබේ. සිංහල භාෂාවේ ඇතැම් ලක්‌ෂණ අරමුණු කොටගෙන ලියැවුණු සිදත් සඟරාවේ දැක්‌වෙන අක්‌ෂර සංඛ්‍යාව තිහක් වන අතර අමිශ්‍ර සිංහල අක්‌ෂර මාලාවේ අක්‌ෂර තිස් දෙකක් (32) වේ. මිශ්‍ර සිංහලය ලේඛනගත කිරීමට අවශ්‍ය අක්‌ෂර සංඛාව පනස් හතරක් (54) සේ ඇතැම් තැන දක්‌වා ඇත. ජාතික අධ්‍යාපන ආයතනයෙන් සකස් කොට ඇති අක්‌ෂර මාලාවෙහි සංකේත හැටක් (60) ඇත.
අං, අඃ
ක, ඛ, ග, ඝ, ඩ, ඟ
ව, ජ, ඡ, ඣ ඤ, ජ
ට, ඨ, ඩ, ඪ ණ, ඬ
ත, ථ, ද, ධ, න, ඳ
ප, ඵ, බ, භ, ම, ඹ
ය, ර, ල, ව
ශ, ෂ, ස, භ, ළ, ෆ
මෙම අක්‌ෂර මාලාවෙහි සංකේත හෙවත් අකුරු හැටක් තිබුණ ද සිංහල භාෂාවේ ක්‍රියා කරන මූලික වැදගත්කමක් දක්‌වන එකිනෙකින් වෙන් කළ හැකි ශබ්ද (Descret Sounds) හෙවත් විහින්න ශබ්ද ඇත්තේ අඩු සංඛ්‍යාවකි. එබැවින් අතිරික්‌ත සංකේත තිහකි. මේ හේතු කොට ගෙන අනිවාර්ය වශයෙන් ම ඇති වන විපාකය නම් ලේඛනයේ දී සාවද්‍ය අක්‌ෂර වින්‍යාසය පහල වීමයි.
වර්තමාන සිංහලයේ හෝ පුරාතන සිංහලයේ හෝ Å, Å_
පැරණියන් උගන්වා ඇත්තේ තනිව උච්චාරණය කළ හැකි ශබ්ද ස්‌වර බවය. එසේ නොකළ හැකි ශබ්ද ව්‍යඤ්ජන වෙයි. මෙහි 'තනිව' යන වචනයෙහි අර්ථය කුමක් ද? එය 'හුදකලා' යන අර්ථය දෙයි. මේ අනුව හුදකලාව උච්චාරණය කළ හැකි ශබ්ද ස්‌වරය. යම් ශබ්දයක් හුදකලාව උච්චාරණය නොවේ නම් එම ශබ්දය ව්‍යඤ්ජනයක් වේ. මෙහිදී ධාරණය කළ යුතු කරුණ වන්නේ භාෂාවේ ශබ්ද තනිව නොව ශබ්ද වැඩි ගණනක් අනුක්‍රමිකව උච්චාරණය වන වන බවය. එසේ අනුක්‍රමිකව යෙදෙන ශබ්ද එම පරිසරයෙන් ඉවත් කොට එක් එක් ඒකක වශයෙන් ගෙන අධ්‍යයනය කිරීම භාෂාවේදියාගේ කාර්යය වේ. ගස් යන ශබ්ද අනුක්‍රමයකි. එහි ඇති ස් ශබ්දය තනිව උච්චාරණය නොවීද? උච්චාරණය වූ බව පැහැදිලිය.
මෙම නිර්වචනය සත්‍යයක් වේ දැයි නිරීක්‌ෂණය කළ හැකි වෙයි. 'අ' ශබ්ද උච්චාරණය කරන්න. එවිට "මුඛය හරහා වායු ධාරාව නිදහස්‌ව බාධා රහිතව ගමන් කරයි." ඒ නිසා එය ස්‌වරයකි. "ඌ" උච්චාරණය කිරීමේ දී ද මේ ලක්‌ෂණය ඇත.
එහෙත් මුව කුහරයෙහි ප්‍රමාණය වෙනස් වීම එහි ඇත. ක, ග, ස, ආකාරයෙන් මාලාවේ සංකේත ඇත ද එහි දී අවධානය යොමුවන්නේ ක්, ග්, ස්, යන ශබ්දවලටය. ඒවා උච්චාරණයේ දී මුඛයෙන් වායුධාරාව නිදහස්‌ව පිටතට ගමන් නොකරයි. එබැවින් ඒවා ව්‍යඤ්ජනය.
ස්‌වර ශබ්ද හතෙන් හයක් නිරූපණය පිණිස අක්‌ෂර දහ අටක් දක්‌වා ඇත. සෑම දීර්ඝ ස්‌වරයක් සඳහාම වෙනම සංකේතයක් ඇත. ඓ හා ඖ යනු ස්‌වර දෙකක් අනුක්‍රමික උච්චාරණය කිරීමෙන් ඇති වූ සංයුක්‌ත ස්‌වර ය. අ+ඉ යන ශබ්ද සමීපයේ යෙදුණ විට ඓ යනුවෙන් ද අ+උ යන ශබ්ද සමීපයේ යෙදුණු විට ඖ යනුවෙන් ද ලියා ඇත. මෙම අක්‌ෂර භාවිතය පිළිබඳව ද සීමා ඇත. එනම් ඓ හා ඖ යන අකුරු යොදන්නේ තත්සම වචන-සංස්‌කෘත භාෂාවෙන් සිංහලයට ආ වචන ලිවීමටය. ඓතිහාසික හා ඖෂධ වචන සලකන්න. එම වචන අයිතහාසික, අවුෂධ යනුවෙන් සටහන් වුවහොත් ක්‍රම විරෝධී වෙයි. එම වචන තත්සම නොවන බැවිනි.
ව්‍යඤ්ජන අක්‌ෂර අතර මහාප්‍රාණ අක්‌ෂර දහයක් තිබේ. ඒවා නම් ඛ, ඝ, ඡ, ඣ, ඨ, ථ, ධ, ඵ, භ යන අක්‌ෂරය. සිංහල ලේඛනයේ දී මෙම අක්‌ෂර යෙදීම පිළිබඳ ගැටලු පැන නැගී තිබේ.