ඩෙකෑන් සානුවේ දකුණු කොටසේ ඇතිවුණු විජයනගර් අධිරාජ්‍යය පිහිටවනු ලැබූයේ හරිහරා රායා සහ ඔහුගේ සොහොයුරු බුක්කා රායා විසිනි. ඔවුන් සන්ගම් රාජ වංශිකයෝ වූහ. ඔවුනට විද්‍යාරන්‍ය නම් පූජකයාගේ සහය ලැබිණි. එම ප්‍රදේශය අද කර්නාටක ප්‍රාන්තයයි. ක්‍රි.ව. 1336 -1660 දක්වා පැවති විජයනගර් පාලනය උතුරින් ආ සුල්තාන්වරුන් විසින් බිඳ දමන ලදි. එය ඉතා පොහොසත් රාජධාණියක් වූ බව එකල එහි ගිය යුරෝපීය ජාතික දේශ ගවේශකයෝ ලියා ඇත.
විජයනගර් පාලනය තුල ද්‍රවිඩ, කන්නාඩා,තෙළිඟු,සංස්කෘත සාහිත්‍ය හා කළා නිර්මාණවල උච්චතම දියුණුවක් සිදුවුණි. විදේශීය වෙළඳාම හා වාරිමාර්ග හා ජල කළමණාකරණ තාක්‍ෂණය බෙහෙවින් දියුණුවූ අතර විජයනගර් ගෘහ නිර්මාණ කළා සම්ප්‍රදායක්ද බිහිවිය.
කර්නාටක සංගීතය සංවර්ධනය වීම හා හින්දු හා ජෛන ආගමික ග්‍රන්ථද, ආයුර්වේද පොත පතද වේදාර්ථ ප්‍රකාශ, අලංකාර සුගන්දහී ආදී අත්පොත්ද මධුර විජයම්, විවර්ණා ආදී බොහෝ කාව්‍යද ලියවිණි.
කර්නාටක සංගීතය සංවර්ධනය වීම හා හින්දු හා ජෛන ආගමික ග්‍රන්ථද, ආයුර්වේද පොත පතද වේදාර්ථ ප්‍රකාශ, අලංකාර සුගන්දහී ආදී අත්පොත්ද මධුර විජයම්, විවර්ණා ආදී බොහෝ කාව්‍යද ලියවිණි.
දිගින් දිගටම රායා වරුන් විසින් පාලි විජය නගර් සන්ගම් (1336-1485), සලුවා (1485-1505), තුලුවා (1491-1570) හා අරවිදු (1542-1614) රාජවංශ විසින් පාලනය කරන ලදි. ක්‍රිෂ්ණදේව රායා නම් තුලුවා රජුගේ කාලයේ (1509-29) එය අතිශයින්ම දියුණු වූ බව පැවසේ. කපු වෙළඳාම හා කුළුබඩු වෙළදාමෙන් ඔවුන් වාසි ලැබූහ.
හම්පිහි විරූපාක්‍ෂ හා විත්තාලා දේවාල ඔවුන්ගේ ඉතා හොඳ නිර්මාණයන්ය.