උඩරට ගිවිසුම ලේඛනය
 

දැන්වීම් පත්‍රය

ක්‍රිස්‌තු වර්ෂයෙන් වර්ෂ එක්‌වාදහස්‌ අටසිය පහලොවක්‌ වූ මාර්තු මස දෙවෙනි දින නොහොත් සිංහල වර්ෂ ප්‍රමාණයෙන් ශක වර්ෂ එක්‌වාදහස්‌ සත්සිය තිස්‌හයට පැමිනි අවුරුද්දෙ නවම් මස අවසතවක්‌ නම් තිථිය ලත් ගුරු දින සෙංඛඬ ශෛලාභිධාන පුරවරයෙහි මාලිගා අභ්‍යන්තරයට එක්‌වූ සම්මුතියෙහිදී මහත් බ්‍රිතාන් අයර්ලන්ත යන එකඟවූ රාජ්‍යයෙහි

රාජ්‍යශ්‍රීයට පැමිනි තුන් වෙනි ජෝර්ජ් මහරාජෝත්තමයානන් වහන්සෙගෙද රාජ්‍යය කරන්නා වූ ජෝර්ජි වෙල්සෙහි කුමාරයින්ගෙ ද වෙනුවෙන් ඉංග්‍රිසි සථානවල පලමුවෙනි ආණ්‌ඩුකාර තන්ත්‍රයට පත්වූ ලොයිතන් ජනරාල් රොබට්‌න් බ්‍රවුන්රිග් ගරුතර ගොවැර්නදොරු උතුමානන් වහන්සෙ එක පක්‌ෂයකට ද සිංහලේ වැසියන් වෙනුවට අදිකාරන්වරු සහ සිංහලේ රටවල් වලද දිසාවල් වලටද දිසාපතිවරු ඇතුළුව වෙනත් ප්‍රධාන රදලවරු මෙහි එක්‌වූරාජ්‍යය කරන්නා වූ මොහොට්‌ටාලලා කොරාලලා සහ අනිකුත් සුළු මුලාදෑනි ඇතුළුව සෙනාවද අභිමුඛයෙහිදී එක පක්‌ෂයකට වී මෙසෙ ගිවිස්‌වා නියෝග කරන්ට යෙදුනාය.

ඒ කෙසේද යත් :

1. විභාගයක්‌ නොකර සමහර සන්ධිවලදී පැමිණිල්ලක්‌වත් නැතිව නොහොත් වැරැද්දක්‌වත් කෙරීමට ඉඩ ප්‍රස්‌ථාවක්‌ පමනවත් නොලැබුනු කාරණාවලදී පවා නියමයක්‌ නැතිව හිතුවක්‌කාර වසයෙන් ද අනදරයෙන් ද ශරීරව ද සහ මරන වේදනද පමුනුවීමෙන් නඩුවට මහත් ලෙසින් නින්දිත කොට කඩකරන්ට යෙදීමෙන් දෙමල රජ්ජුරුවන්ගෙ ක්‍රෑරකම් හා බලත්කාර කම්ද ඉවසාගත නොහැකි තරම් ඉතා මහත්ව විසාල වෙන්ඩ යෙදුනා සහ මෙම රජ්ජුරුවන්ගෙ රටවාසින්ගෙ ගැලවිල්ලට කාරනාවු යුතුකමද සවමීප රටවල් වලින් ගන්ඩ පුළුවන්ව තිබුනු ප්‍රයෝජනවත් වු ගනුදෙනු කෙරිමද ලබාගන්ඩ පුළුවන් වීමට කාරනාවු විස්‌වාසයද මෙම රජ්ජුරුවන්ගෙ ආඥාවේ ක්‍රියාවල සහ ගුනයෙහිද මුළුමනෙම්ම තිබුනේ නැත.

2. ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවො රජදරුවන්ගෙ ප්‍රධාන තවද මහත් ශිලාචාරවු සියළුම අයිතිකම්ද ඊට වැදගත් බලයද නැති කර රාජඟයෙන් බැහැර කරන්ඩ යෙදුනාය. එම ගොත්‍රයද මවු පිය දෙපක්‌ෂයෙන් පැවත එන නොහොත් අවාහ විවාහයෙන් පැවත එන අනෙක ප්‍රකාරවූ නැදෑයින්ද හැම කල්ම සිංහාසනයෙන් දුරු කරන්ඩ යෙනා සහ සිංහලේ ආන්ඩු කිරීමට දෙමල වර්ගයට ඇත්තාවූ සියළුම අයිතිකම් නැතිකරන්ඩද විනාස කරන්ඩද යෙදුනු වග මෙයින් එලිදරවු කරනුයැ.-

3. ශ්‍රී වික්‍රම රාජසිංහ හිටපු රජ්ජුරුවන්ඩ ආවාහ විවාහයෙන් නොහොත් එ පෙලපතින් එක්‌සේම එක්‌කො අවසෙස ප්‍රකාර නෑකම් ඇති නොහොත් වඩ්කවූ ප්‍රයෝගයෙන් නෑකම් ඇත කියන සෑම පුරුෂයින්ම සිංහල රටෙ ආඥාවට සතුරුවූ බව මෙයින් එලිදරවු කරන්ඩ යෙදුනා පමනක්‌ නොව කොයි කාරනාවක්‌ පිනිසවත් ඉන්ග්‍රිසි ගොවැර්නමේන්තුවේ බලෙ ඇති ඔප්පුවක්‌ නැතිව ඒ රටට ඇතුල් වෙන්ඩ බැරිය. එසෙ ඇතුල් වෙන්ඩ යෙදුනේ වී නම් යුද්ධ වේලාවල් වලදී පවතින නඩු මාර්ගයේ අච්චුවලට යටත් වෙන්ඩ ඕනෑය. එසෙ හෙයින් ඒ නඩු මාර්ගය මේ පිනිස නියෝග කරන්ඩවත් යෙදුනාය. දැනට මෙම රටින් බැහැර කරන්ඩ යෙදුනාවූ සෑම දෙමල පුරුෂයො ඉහල කී ප්‍රකාරාවසරයක්‌ නැතිව එහි දෙවනු නොයන ලෙස වරක්‌ කී අච්චු කරණ කොට ගෙන තහනම් කරන්ඩ යෙදෙනුයැ.

4. යුතු ප්‍රකාර ඉන්ග්‍රිසි ගොවැර්නමේන්තුවේ බලයක්‌ පිට පත්කරණ අදිකාරන්වරුන්ටද දිසාපති වරුන්ඩද මොහොට්‌ටාල්ලාටද කෝරල්ලාටද විදානවර සහ අනිකුත් සෑම රදලවරුන්ට සහ සුළු මුලාදෑනින්ඩද ඔවුනොවුන්ගෙ තානාන්ත්‍රවල නියමවල් ද යුතුකම් ද බලෙද නානා ප්‍රකාර වැසියන්ද ඔවුනොවුන්ගෙ දේපලවලටද වෙනත් ඔවුනොවුන්ගෙ යුතුකම්වලට සහ නිදහස්‌කම්වලටද ඔවුනොවුන් අතරෙ නොකඩව පවතිනා පුරාන සිරිත් චාලිත්‍ර නඩු ප්‍රකාර ආරක්‌ෂා ඇති ව සිංහල රටවල්වල ආණ්‌ඩුව ඉන්ග්‍රිසි රාජ්‍යයෙ මහ රාජොත්තමයානන් වහන්සේට යටත් වෙන්ඩ යෙදනා සහ එහි ආඥාව ලංකාවට පැමිණි ගොවැර්නදොරු නොහොත් ලොයිතන්ත් ගොවැර්නදෝරු උතුමානන් වහන්සේලා විසින්ද උන්නාන්සේල වෙනුවෙන් පත්වෙන්නා වූ ඒජැන්ට්‌ යන මුලාදෑනි විසින්ද පවත්වන්ඩ යෙදෙනවා ඇතැ.

5. මෙකි රටවල්වල මුලාදෑනි සහ වැසියන් විසිනුත් අදහන්නාවූ බුද්ධ ශාසනයද දෙවාගමද කඩකල නොහැකිව පවත්වන්ඩ ඕනෑවා සහ එකී කටයුතුද සංඝයාද විහාර ස්‌ථානද දෙවාලද පවත්වන්ඩ සහ ආරක්‌ෂා කරන්ඩත් ඕනෑයැ.

6. ගාත්‍රා සන්ධි සථාන අවයවයන් කැපීමෙන් කරන නා නා ප්‍රකාරවූ ශරීරවද වේදනා නැති කරන්ඩ සහ තහනම් කරන්ඩ යෙදුනායැ.

7. මරණ අච්චු නියෝගයක්‌ ඉෂ්ට කෙරීම ඒ කාරනාවෙ වග රට මැද සිටින්නාවූත් ආණ්‌ඩුවෙන් තැබී හිටින ඒජැන්ට්‌ යන නම් ඇති නිලමක්‌කාර තැන නොහොත් නිලමකාරයින් විසින් ඔප්පුකර ඉන්ග්‍රිසිවු ගොවැර්නදොරු එක්‌කො ලොයිතන්ත් ගොවැර්නදොරු උතුමානන් වහන්සෙ කෙනෙකුගෙ බලෙ ලත් ඔප්පුවක්‌ පිට මිස වෙන හැටියකින් බැරිය. මෙසේ බරපතල කාරනා ඒ ඒජන්ටවර අභිමුඛයෙහිදී විබාග කරන්ඩ ඕනෑය.

8. මෙකී දේට යටත්ව සිංහලේ රටවලවල වැසියන්ගේ සිවිල් ඒ නම් ගම් බිම් දෙපලනය ගැන කියනා නඩුද ක්‍රිමිනෙල් ඒ නම් -

මිනීමැරුම් සොරකම් ආදී නඩුද යන මේ නඩු පනත් සහ රටේ ආන්ඩුවද නියමව තිබෙන ක්‍රමවලට සහ බැවහාරව තිබෙන ප්‍රකාර බලෙ ලත් රදලවරු විසින් පවත්වන්ඩ ඕනෑය. එහෙත් සෑම කාරනාවලදී වෙන් වසයෙන් සහ විසාල වසයෙන්ද සිද්ධවෙන අනදරවලට පිහිට වීමටද ව යුතු වෙනස්‌ කෙරීමටද මැදහත් වෙන්ඩ ඕනෑ සන්ධිවලදී ආන්ඩුවෙ නියතුවූ යුතුකමට යටත්ව තිබෙන්ඩ ඕනෑය.

9. සිංහලෙ වැසියො නොවන මෙරටවල්වල හිටින නොහොත් මෙහි එන්ඩ යෙදෙන සිවිල මිලීසියෙ සෑම අයගෙම සිවිල සහ ක්‍රිමිනෙල නඩු ඇසීම ඇන්ගලන්තෙ මහරජෝත්තමයානන්වහන්සෙගෙ ආඥාවේත් වෙනසක්‌ වෙනතුරු මෙසෙ පත්වන්ඩ යෙදෙය.

එකෙසෙද යත් :
හේවා පන්නක්‌කාරයින්ගෙ ක්‍රමයට යටත්වූ හේවාපන්නක්‌කාර මුලාදෑනි සහ හේවා පන්නක්‌කාරයොද හේවා හමුදාව කැටුව එන්නවුන්ද ඇර අනිකුත් සෑම දෙනාම මිනීමැරුම් කාරනාවල් ඇර වෙන සෑම කාරනාවලදීම ඉන්ග්‍රිසි ගොවැර්නමේන්තුවේ ඒජන්ට්‌ යන නිලමක්‌කාර තැන් නොහොත් නිලමක්‌කාරයින්ගෙ නඩුවට යටත්ය. එහෙත් මිනිමැරුම් කාරනාවකදී ගරුතර ගොවැර්නදෝරු උතුමානන් වහන්සෙ විසින් කලින් කලට නියම කරණ කුමතෙරුවරු විසින් විභාග කරන්ඩ යෙදෙනවා ඇත. එසෙවී නමුත් සෑම වේලාහිම ඉන්ග්‍රිසි දේසක්‌කාරයින් විසින් අන්‍ය දෙසවලදී කරන්ඩ යෙදෙන වැරදි විභාගයට නියමවී පවතින මහත් බ්‍රිතාන් අයිර්ලන්ත් යන එකඟවූ රාජ්‍යයෙ නඩු මාර්ගයෙන් විනිස්‌චය කල හැකිවූ ඉන්ග්‍රිසි දෙසක්‌කාරයෙක්‌ මිනීමැරීමේ නඩුවකදී විත්තිකාරයෙක්‌ව හිටියෙවී නම් එකඟ වූ මෙම රාජ්‍යයෙ ඒ නඩු මාර්ගයෙන් විනා සිංහලෙ කරන්ඩ යෙදුනාය කියන මිනීමැරීමේ නඩුවකදී ඉන්ග්‍රිසි දෙසක්‌කාරයෙක්‌ වෙන ප්‍රකාරයකින් විනිස්‌චය කරන්ඩ යෙදෙන්නේ නැත-

දෙවනුත් හේවා පන්නක්‌කාර ක්‍රමයට යටත්වූ හේවාපන්නක්‌කාර මුලාදෑනි සහ හේවා පන්නක්‌කාරයොද හෙවා හමුදාව කැටුව යන්නවුන්ද ඔවුන් විත්තිකායින්ව සිටි සෑම සිවිල ක්‍රිමිනෙල් නඩුවලදීම යුද්ධයෙ නඩු මාර්ගයට සහ චාලිත්‍රයෙ ප්‍රකාරයටද යටත්ව හිටින්ඩ ඕනෑය. එහෙත් මෙම වගන්තියේ බලෙ කරන කොට ගෙන විභාග වෙන මේ නමවෙනි වගන්තියට වැදගත් සිවිල් කාරනා සහ මිලීසියෙ කාරනාද යන සෑම කාරනාවලදීත් නඩු ඇහීමට වැදගත් සෑම ලිවුම් බැලීමටද මේ වගන්තියෙ කාරනා සම්පූර්න වසයෙන් සිද්ධවීම පිනිස ඕනෑ වෙන වෙනත් කාරනා පාඟාර්තු කරනඛන්ඩද ගරුතර ගොවැර්න දෝරු උතුමානන් වහන්සේට බලෙ තිබෙන වාය.

10. හේවා හමුදාව එන ගමනෙදි සවල්ප කාලයකට ප්‍රසිද්ධ කලාවූ යම් දැන්වීම් පත්‍රයක අනාඥාවල කරනකොට ගෙන ඉහල වගන්තිවලට එකඟ නොවන මේ සෑම අනාඥාවල්ම අවලඟු කරන්ඩ යෙදුනායැ.-

11. සිංහලෙ රටවල්වල රාජානියමවල්ද ආදායමද මහරාජොත්තමයානන් වහන්සෙගෙ වැඩට සහ මේ රටේ ආඥාව වර්ධන වීමටද යුතුවූ සිරිත් ප්‍රකාර ගොවැර්නමේන්තුව වෙනුවෙන් තැබෙන ඒජැන්ට්‌ යන නිලමක්‌කාර තැනගෙ යටතේ එක්‌කාසු කරන්ඩ යෙදෙනවා ඇත.-

12. මේ රටවල්වල වෙලහෙලඳාම් වර්ධන වෙන පිනිස මෙහි උපදින දෙ වෙලඳාම් පිනිස ගෙනයාම පාසු වෙන හැටියටද මුදල් රෙදි ළුනු නොහොත් සිංහලෙ වැසියො වැඩි කැමති ඇතිවෙන බඩු ඒ පිනිස ගෙන ඒම පාසු කරණ ලෙසද එතකලට පඟාර්තුවක්‌ කර මහරාජොත්තමයානන් වහන්සෙගෙ වෙනුවට රාජ්‍ය වර්ධන කරණ කුමාරයින් විසින් ඒ පඟාර්තුව ඒත්තු ගන්නා ලෙස ගරුතර ගොවැර්නදෝරු උතුමානන් වහන්සෙ විසින් ඉල්ලා අරින්ඩත් යෙදෙනවා ඇත.-

දෙවියන් වහන්සෙ විසිං රජ්ජුරුවන් වහන්සෙ ආරක්‌ෂා කෙරෙත්වා.



අත්සන් කෙළේ
බ්‍රවුන්රිග් ඇහැලේපොල

පළමුවැනි අදිකාරම් සහ සත් කෝරළේ දිසාව - මොල්ලිගොඩ
දෙවැනි අදිකාරම් සහ සබරගමුවේ දිසාව - පිලිමතව්වේ
හතර කෝරළේ දිසාව - පිලිමතව්වේ
ඌවේ දිසාව - මොනරවිල
මාතලේ දිසාව - රත්වත්තේ
තුන්කෝරළේ දිසාව - මොල්ලිගොඩ
වලපනේ දිසාව - දූල්ලෑවේ
වෙල්ලස්‌සේ සහ බින්තැන්නේ දිසාව - මිල්ලව
තමන්කඩ දිසාව - ගලගම
නුවර කලාවියේ දිසාව - ගලගොඩ

ජේ. ඩොයිලි
ආණ්‌ඩුවේ ප්‍රධාන භාෂා පරිවර්තක

මෙය සත්‍ය පිටපතකි, ජේම්ස්‌ සදර්ලන්ඩ්
සිංහලේ පලාත් බාර ලේකම්

ජේම්ස්‌ සදර්ලන්ඩ්
ආණ්‌ඩුවේ නියෝජ්‍ය ලේකම් ඉදිරිපිටදීය.

(c) Shilpa Sayura Foundation 2006-2017