මිශ්‍ර ක්‍රියා
 

යම් වාක්‍යයක අවසාන ක්‍රියාව සමග එකට සිදුවන ක්‍රියා මිශ්‍ර කියා ලෙස හැඳින්වේ.

නිළිය ගයමින් නැටුවාය.
නිළිය ගී ගයා නැටුවාය.

පූර්ව ක්‍රියා දෙකක්‌ යෙදීමෙන්ද මිශ්‍ර කියා සෑදේ.

නිළිය ගී ගය ගයා නැටුවාය.
ගින්න බුරබුරා නැගිනි.
ඇය අඬඅඬා දිව ගියාය.

ක්‍රියාපදයකට ප්‍රත්‍යක්‌ එකතු වීමෙන්ද මිශ්‍ර ක්‍රියා සෑදේ

නට+මින් -> නටමින්
මෙහි නට යන්න ධාතුව වන අතර, මින් යන්න ප්‍රත්‍ය වේ.

සමන්ත අඬමින් සිටියේය.
ඇය බණිමින් පාඩම් කලාය.
මල්ලී වැටි වැටී දුවයි.
සමන් ගණන් එකතු කරමින් ගී අසයි.
රථයක්‌ පදවමින් ජංගම දුරකතනය භාවිතය අනතුරුදායකය.
බත් කමින් කතා කිරීම නුසුදුසුය.

(c) Shilpa Sayura Foundation 2006-2017