ආදර්ශ ලෝක ගෝලයේ හරිමැද සිට තිරස් අතට උතූරේදී හා දකූණේදී ලක්ෂයක් දක්වා කූඩා වෙමින් වෘත්තාකාරව විහිදෙන මනංකල්පිත රේඛා සමූහයකි. ඒවා අක්ෂාංශ ලෙස හැඳින්වේ. රේඛාව සමක අක්ෂාංශයයි.එහි සිට උතූරටත් දකූණටත් අංශක 90 දක්වා මෙම අක්ෂාංශයන් විහිදී ඇත.
ප්‍රධාන අක්ෂාංශ රේඛා පහකි. අංශක 0 අක්ෂාංශය සමකය ලෙස හඳුන්වා ඇත. එම රේඛාවේ සිට අංෂක 23 2/1 උතූරින් කර්කඨක නිවර්ථනය ද , අංෂක 23 2/1 දකූණින් මකර නිවර්තනයද පිහිටා ඇත. සමකයේ සිට අංෂක 66 2/1 ක් උතූරින් ආක්ටික් වෘත්තයද පිහිටා ඇත. උතූරු දකූණු අංශක 90 ලක්ෂ්‍ය ලෙස හැඳින්වේ.
ආදර්ශ ගෝලයේ උතූරු ලක්ෂය හා දකූණු ලක්ෂය සම්බන්ඳ කරමින් අක්ශාංෂවලට ලම්භක ව විහිදෙන මනංකල්පිත රේඛා සමූහය දේශාංශ වශයෙන් හැඳින්වේ.
වැදගත් දේශාංශ රේඛා දෙකකි. අංෂක 0 දේශාංෂ රේඛාව ඉන් එකකි. එය එංගලන්තයේ ග්‍රිනීච් නගරය හරහා වැටී ඇති නිසා ග්‍රිනීච් රේකාව ලෙස හඳුන්වයි. ග්‍රිනීච් රේකාවේ සිට බටහිරට අංශක 180 දක්වා බටහිර දේශාංශ ලෙසද නැගෙනහිර අංෂක 180 දක්වා නැගෙනහිර දේශාංෂ ලෙසද හදූන්වයි. අංශක 180 රේඛාව නැගෙනහිර බටහිර දෙකටම පොදු වන අතර , ඒ ආධාරයෙන් ජත්‍යන්තර දින රේඛාව නිර්මාණය කරගෙන ඇත.
අක්ෂාංශ හා දේශාංශ යොදා ගනිමින් ලෝකයේ ඔිනෑම රටක හෝ ස්ථානයක පිහිටීම නිශ්චිත ව දැක්විය හැකිය. ආදර්ශ ගෝලය උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ කූමන අක්ෂාංෂ හා දේශාංෂ වල දැයි සොයා බලන්න.
ශ්‍රී ලංකාව උතූරු අක්ෂාංශ අංශක 5 ත් අංශක 10 ත් හා නැගෙනහිර දේශාංශ අංශක 79 ත් අංශක 82 ත් අතර පිහිටා ඇත.