පෘතූවියෙන් 71% පමණ වැසී පවතින්නේ ජලයෙනි. ඉතිරි කොටස මහද්වීප හා දූපත් වෙයි.පෘථිවි ගෝලයේ ඇති ජල ප්‍රමාණයට සමාන ජලප්‍රමාණයක් වෙනත් කිසිදු ග්‍රහ ලෝකයක නොමැති බව කියැවේ.
අනෙකූත් ග්‍රහ ලෝක සමග සසඳන විට අපේ පෘථිවිය ජල ගෝලයකි. සාගර , මුහුදු , විල් , ගංගා , ඇල දොළ මෙම ජල ගෝලයට අයත්ය.
ගොඩබිමේ කාළගූණය හා දේශගූනය හැඩ ගැසීමට ජල ගෝලය බල පා ඇත. ජල ගෝලය විශාල වුවද බීමට ගත හැකි ජලය සීමිත ය. මිනිසා ඇතූඵ ජීවීන්ගේ පැවැත්ම සඳහා ජලය අත්‍යාවශ්‍ය වේ.
අනෙකූත් ග්‍රහ ලෝක සමග සසඳන විට අපේ පෘථිවිය ජල ගෝලයකි. සාගර , මුහුදු , විල් , ගංගා , ඇල දොළ මෙම ජල ගෝලයට අයත්ය.
ගොඩබිමේ කාළගූණය හා දේශගූනය හැඩ ගැසීමට ජල ගෝලය බල පා ඇත. ජල ගෝලය විශාල වුවද බීමට ගත හැකි ජලය සීමිත ය. මිනිසා ඇතූඵ ජීවීන්ගේ පැවැත්ම සඳහා ජලය අත්‍යාවශ්‍ය වේ.
පෘතූවිය හා අභ්‍යාවකාශය අතරද අන්තර් ක්‍රියාවන් සිදු වෙි.මුහුදේ රැළි ඇතිවීමට සදූ ගේ බලපෑම ඇති වීම එයට එක් උදාහරණයකි.මුහුදේ ජල මට්ටම දිනකට දෙවතාවක් ඉහල නඟින බවත් , වෙරළේ සිදුවන වෙනස්කම් නිරීක්ෂණය කරන්නෙකූට දැක ගත හැකි වේ.
මෙලෙස මුහුදු ජල මට්ටම වෙනස්වීම උදම් යනුවෙන් හැදින්වේ. සූර්යයාගේ ගූරුත්වාකර්ශනය සමඟ එ්කාබද්ධ වූ චන්ද්‍රයාගේ ගූරුත්වාකර්ශණය නිසා උදම් ඇතිවෙයි. මෙම ක්‍රියාවලියේදී සිදුවන සාගර ජල මට්ටම ඉහල නැගීම , වඩදිය වශයෙනුත් පහල බැසීම බාදිය වශයෙනුත් හැඳින්වේ.
මෙම උදම්වල වෙනස ශ්‍රී ලංකාවේදී සෙ.මී. කීපයක සිට මීටරයක් පමන වුවත බ්‍රිතාන්‍යය වැනි රටවල එය මීටර 5 ත් 10 අතර වෙනස් වන අවස්ථා ඇත.
අප ජීවත් වන පෘථිවිය සුවිශේෂ වූ ආකාශ වස්තූවක් බව මේ වන විටත් ඔබ අවබෝධ කර ගෙන ඇත. මේ අද්විතීය ග්‍රහලෝකය පැතලි වස්තූවක් යැයි ආධි කාලීනයෝ විශ්වාස කලහ. ප්‍රථමයෙන්ම පෘථිවිය ගෝලාකාර වස්තූවක් බව පවසා ඇත්තේ ක්‍රි.පූ. 6 වන සියවසේ විසූ පයිතගරස් නම් ග්‍රීක ජාතික ගණිතඥයෙකි. ඊට අවුරුදු 200 කට පමන පසු ග්‍රීසියේම සිටි ඇරිස්ටෝටල් නැමැති විද්‍යාඥයා ඒ බව ඔප්පු කර ඇත. පෘථිවිය ගෝලාකාර බවට සාක්ෂි කිහිපයක් පහත දැක්වේ.
මුහුදු වෙරලට ගොස් ගෙඩ බිම වෙත එන නැවක් දෙස බලා සිටියහොත් ප්‍රථමයෙන්ම ඔබට දැක ගත හැකි වන්නේ නැවේ කූඹ ගසයි. එසේ වන්නේ නැවේ බඳ පොලොවේ නැම්මට වැසී ඇති හෙයිනි. අප ජීවත් වන පෘථිවිය ගෝලාකාර වස්තූවක් බව සනාථ කිරීමට එය කදිම සාධකයකි.
චන්ද්‍රයා පෘථිවිය වටා පරිභ්‍රමණය වීමත් පෘථිවිය සූර්යයා වටා පරිභ්‍රමණය වීමත් නිසා සමහර අවස්ථාවලදී පෘථිවිය චන්ද්‍රයා හා සූර්යයා එක පෙළට පිහිටයි. එවැනි අවස්ථාවලදී පෘථිවියේ සෙවනැල්ල චන්ද්‍රයා මත පතිත වේ. එය වන්ද්‍ර ග්‍රහනය ලෙස හැදින්වේ. එහිදී වන්ද්‍රය මත වැටෙන පෘථිවියේ සෙවනැල්ල වෘත්තාකාර වීම පෘථිවිය ගෝලාකාර බවට තවත් සාක්ෂියකි.
අහසේ ඉතා ඉහලින්ගමන් කරන අහස්යානාත් , වනද්‍රිකා යානාත් මගින් ගනු ලබන ඡායාරූප ආධාරයෙන් පෘථිවයේ ගෝලාකාර හැඩය මිනිසාට දැක ගත හැකි වී ඇත. එසේම අජටාකාශගාමීන් විසින් ගන්නා ලද ඡායාරූප වලින් ද පෘථිවය ගෝලාකාර බව සනාථ වී ඇත.
පෘථිවිය සැබැවින්ම ගණිතමය ගෝලයක ස්වභාවයක් ගන්නා ආකාශ වස්තූවක් නොවේ. සැබැවින්ම පෘතූවියේ හැඩය ඉලිප්සාකාරය. උතූරැ ධ්‍රැවයේ සිට දකූණූ ධ්‍රැවයට ඇති දුර ප්‍රමාණය ට වඩා සමකයේ දුර කි.මී. 43 කින් වැඩි වෙයි.
පතූපිට පිහිටි උසම ස්ථානය එවරස්ටි වන අතර එය මුහුදු මටිටමෙි සිට මීටර් 8850 උස වන අතර , ගැඹුරැම ස්ථාන ය වන මරියානා ආගාදය මුහුදු මටිටමෙි සිට මීටර් 10924 ගැඹුරැ වෙයි. ජල ගෝලයෙන් වැසී ඇති පෘතූවි පෘෂ්ඨයේ 71 % හැරුණු විට ඉතිරි 29% ගොඩබිම්ය.අප ශිලා ගෝලය වශයෙන් හදුන්වන්නේ මෙම ගොඩ බිම් කොටස්ය.පෘථිවියේ අරය කි.මී. 6377.5 වුවද ශිලා ගෝලයේ ඝනකම කි.මී. 5 -- 65 අතර ප්‍රමාණයකි. එ් අනුව ශිලා ගෝලය වශයෙන් ගැනෙන්නේ පෘථිවිය මතූ පිට ඇති තූනී වැස්මකි. පෘථිවි කබොළ වශයෙන්ද එය හැඳින්වේ.
ශිලා ගෝලය චශයෙන් ගැනෙන ගොඩ බිම් කොටසට අයත් සාගරයෙන් වට වූ විශාලතම භූමි ස්කන්ධ මහාද්වීප වශයෙන් හඳුන්වනු ලැබේ. එබඳු මහද්වීප 7 කි. ඒවා හැඩය අතින්ද ප්‍රමාණය අතින්ද වෙනස්ය.
පෘතූවියේ සිතියමක් (පාට අනුව උස මටිටම පෙන්නුමි කරයි)
මුහුදේ ගැඹුරෙහි සාමාණ්‍ය මීටර් 3794 පමණ වෙයි. එය මුහුදු මටිටමෙි සිට මහදිවීපයන්හි ඇති උසෙහි සාමාන්‍යය මෙන් පස් ගූණයක් පමණ වෙයි. මූහුදෙහි ස්කන්ධය ටොන් 1.35 × 10^18 කි. එනමි පෘතූවියෙහි මුලු බරෙන් 1/4400 වෙයි.