ඔබ දුම්රියෙන් හෝ බස් රියෙන් හෝ ගිය ගමනක් මතකයට නගන්න. එහි දී ඔබ ගමන් කල මාර්ගය දෙපස තිබූ ගස් කොළන් ඔබ ගමන් කල දෙසට විරුද්ධ දිශාවට වේගයෙන් දිවයන ආකාරයක් ඔබ දැක තිබෙන්නට පුළුවන. එහි දී ගමන් කලේ ගස් කොළන් නොව , ඔබය. ඔබ ඒ දුටුවේ දෘෂ්‍ය ගමනකි.
හිරු උදෑසන නැගෙනහිරින් පායා බටහිරින් බැස යන ආකාරයක් දක්නට ලැබේ.
එහි දී අපට හැගෙන්නේ හිරු ගමන් කරන බවය. එහෙත් ගමන් කරන්නේ හිරු හිරු නොව අප ජීවත් වන පෘතූවියයි. පෘතූවියේ මෙම ගමන පෘතූවි භ්‍රමණය වශයෙන් හැඳින්වේ. , පෘතූවිය තම අක්ෂය වටා භ්‍රමණය වන්නේ බටහිර සිට නැගෙනහිර දෙසටය. තම අක්ෂය වටා එකවරක් භ්‍රමණය වීමට පෘතූවියට ගතවන කාළය දළ වශයෙන් පැය 24 කි. මෙම ගමනේදී හිරුට මුහුණ දී ඇති අර්ධයට ආලෝකයත් , අනෙක් අර්ධයට අඳුරත් පවතී. පෘතූවියට දිවා රාත්‍රී ඇතිවෙන්නේ මේ හේතූවෙනි.
පෘතූවිය සූර්යයා වටා යන මෙම ගමන පරිභ්‍රමණය වශයෙනුත් එම ගමන් මාර්ගය කක්ෂය වශයෙනුත් හැඳින්වේ. පෘතූවියට සූර්යයා වටා එක් වරක් ගමන් කිරීමට දින 365 ¼ ක කාළයක් ගත වේ. එම කාළය අවුරුද්දක් ලෙස සැලකේ. අපේ දින දර්ශණයෙහි අවුරුද්දකට දින 365 වන අතර අවුරුදු 4 කට වරක් දින 365 ක් වන අතර අවුරුදු 4 කට වරක් දින 366 ක් සහිත අධික අවුරුද්දක් ඇතිවන්නේ එම දින ¼1/4 බැගින් , හතරක් එකතූ වීම නිසයි.
පෘතූවිය ඉලිප්සාකාර මාර්ගයක පරිභ්‍රමණය වීමත් පෘතූවි අක්ෂය කක්ෂ තලයට ඇලව පිහිටීමත් නිසා උතූරු අර්ධ ගෝලයට හා දක්ෂිණාර්ධ ගෝලයට හිරු මුදුන්වන ආකාරය වෙනස් වේ.හිරුමුදුන්වීමේ ප්‍රධාන සීමා වන්නේ උතූරින් කර්කටක නිවර්ථනය හා දකූණින් මකර නිවර්තනයත්ය. නිවර්තන කලාපයෙන් බැහැර ප්‍රදේශවලට අවුරුද්දක් තූල ඍතූ 4 ක් ඇතිවේ.