4). රසායනික ශක්තිය.
එදිනෙදා ජීවිතයේ අප සිදුකරන සෑම ක්‍රියාවකටම අපට ශක්තිය අවශ්‍යය බව ඔබ දනී.
ඔබ ශක්තිය ලබා ගන්නේ ආහාර මඟින් වේ.
ඔබ ගන්නා ආහාර වල ශක්තිය ගබඩා වී ඇත්තේ රසායනික ලෙසිනි.
තවද වාහන ධාවනය සදහා අවශ්‍යය ඉන්ධන වල දර, විදුලි කෝෂ වැනි බොහෝ ද්‍රව්‍යය වල ශක්තිය තැන්පත්වී ඇත්තේ රසායනික ශක්තිය ලෙසයි.
දැන් අප වාගනයක් තුල සිදුවන ශක්ති පරිවර්තනයන් දෙස මදක් සිතා බලමු.
ඕනෑම වාගනයක එන්ජිම ක්‍රියා කරන්නේ කුමන හෝ ඉන්ධනයක් මඟිනි.
එනම් ඉන්ධන තුල ඇත්තේ රසායනික ශක්තියයි.
මෙම ඉන්ධන වාහනයේ එන්ජිම තුලින් ගමන් කිරීමේදී ඉන්ධන දහනය කර එහි ඇති ශක්තිය මඟින් එන්ජිම තුල ඇති පිස්ටනයන් ක්‍රියා කරවාගනියි.
එනම් මෙහිදී සිදුවී ඇත්තේ රසායනික ශක්තිය චාලක ශක්ති බවට පරිවර්තනය කර ගැනීමයි.