3). ධ්වනි ශක්තිය.
 

3). ධ්වනි ශක්තිය.


අපගේ නිවෙස් වල ඇති ගුවන් විදුලි යන්ත්‍රයෙන් අප ශ්‍රවණය කරන ගීත අපට ඇසෙන්නේ එහි ඇති ස්පීකරය නැමති උපකරණයෙන් පිටකරන ධ්වනි ශක්තිය මඟිනි.

 

දැන් මෙහිදී සිදුවන ශක්ති පරිවර්තනයන් පිළිබදව මඳක් සිතා බලමු.


ගුවන් විදුලි යන්ත්‍රයක් වෙතට ගුවන් විදුලි තරංග පැමිණෙන්නේ විද්‍යුත් චුම්බක තරංග ලෙසිනි.

 

ගූවන් විදුලි යන්ත්‍රය මඟින් ප්‍රථමයෙන් මෙම විද්‍යුත් චුම්භක තරංග විද්‍යුත් තරංග බවට පත්කර ගනී.


ඉන් පසුව ගුවන් විදුලි පරිපථය මඟින් පරිවර්තනය කරගත් එම විද්‍යුත් තරංග ගූවන් විදුලි යන්ත්‍රය තුල නියමාකාරයෙන් බෙදාහරියි.

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


පසුව මෙහි ඇති ස්පීකරය වෙත නියමිත විදුලි තරංග ලබා දීමෙන් ස්පීකරය තුලදී එම විදුලි තරංග ශබ්ද තරංග බවට පරිවර්තනය කරයි.

 

 
(c) Shilpa Sayura Foundation 2006-2017