2). තාප ශක්තිය.
තාප ශක්තියද අපට ස්භාවිකව ලබා දෙන්නේ සූර්යයා මඟිනි.
විදුලි ස්ත්‍රික්ක, විදුලි අවන්, ගිල්වුම් තාපකය වැනි භාන්ඩ මඟින් කෘතීමව තාප ශක්තිය ලබාගත හැක.
දැන් අප විදුලි ස්ත්‍රික්කයක සිදුවන්නේ කුමක්දැයි සිතා බලමු.
මෙහිදී සිදුවන්නේ වෝල් 230 ක විදුලි ධාරාව ස්ත්‍රික්කයේ කම්බි දඟරය (එලිමන්ට් එක)තුලින් ගොස් එය අධික කම්පනයකට භාජනය කරයි.
එවිට කම්බි දඟරයේ ඇති අණු අධික ලෙස චලනය වීමෙන් ඒ තුල තාපය හට ගනී.
එනම් මෙහිදී සිදුවන්නේ විදුලි ශක්තිය තාප ශක්තිය බවට පරිවර්තනය කිරීමයි.