විජය කුමරු පැමීණීමට පෙර
 

විජය කුමරු පැමීණීමට පෙර කාලය යක්‍ෂ ගෝත්‍රිකයින් ශ්‍රී ලංකාව පාලනය කළැයි සැලකේ. ඒ සමඟම බුදුන් වහන්සේගේ ශ්‍රී ලංකා තෙගමන අනුව යක්‍ෂ හා නාග යන ගෝත්‍රිකයින් වාසය කළ බව කියැවේ. විජය කුමරු ලංකාවට එන අවධිය වන විට කුවේණිය කපු කටිමින් සිටීම අනුව එක්තරා දියුණු හා ශිෂ්ඨ සම්පන්න සමාජයක් ලංකාවේ වාසය කරමින් සිටි බව බැහැර කළ නොහැකි වේ.


අජන්තා ලෙනේ චිත්‍රයකින් විජය කුමරු පැමිණීම දක්වන අයුරු

මෑතකදී විකාශය වූ ජැක්සන් ඇන්තනි මෙහෙයවූ මහාචාර්ය මැන්දිස් රෝහණධීර, මේධානන්ද හිමි ආදී පුරා විද්‍යාඥයින්, ඉතිහාසඥයින් හා බුද්ධිමතුන් සහභාගී වූ මහා වංශයට විද්යුත් ටීකාවක් යන වැඩ සටහනේ සාකච්චා පරිදි මාන්තායි ආදී ප්‍රදේශ වල සිදුකල කැනීම් වලින් විජයාවතරණයට එහා ඉතිහාසය ගැන කරුණු විශාල ප්‍රමාණයක් මතුවී ඇත.


(c) Shilpa Sayura Foundation 2006-2017