පොළොන්නරුව ගල් විහාරය
ඉන්දිය උප මහාද්ඟපයේ උත්කෘෂ්ඨ විහාරය උත්තරා රාමය හෙවත් ගල් විහාරය මහා පරාක්‍රමබාහු (1153-1186) සමයේ නිර්යාමාණය වූවකි. විජ්ජාධර ගුහා, නිස්සින්න පටිමා ගුහා, නිපන්න පටිමා ලෙන යනුවෙන් මෙහි ගුහා තුනකි. එය උත්තරාරාම විහාර සංකීර්ණයට අයත්යැයි සැලකේ. මෙහි ප්‍රතිමා සියල්ල ගලින් නිර්මිත හෙයින් ගල් විහාරය සේ ව්‍යවහාර කෙරේ. පැරැණි ලාංකීය මූර්ති ශිල්පියාගේ විශිෂ්ඨත්වය යළි ප්‍රකට කෙරෙන ගල් විහාරයේ අලංකාර වූද උත්කෘෂ්ඨ වූද ප්‍රතිමා සතරකි.
ගල්විහාර ප්‍රතිමා නිර්මිත පර්වතය දිගින් අඡි එකසිය හැට අටකි. එය සෑම අන්තයකටම ක්‍රමවත්ව බෑවුම් වේ. ප්‍රතිමා නිර්මාණය පිණිස පර්වත මුහුණත අඩි පහළොවක් කපා ඇත. ලෙන් පිළිම ගෙය සඳහා අඩි දහහතක් ඇතුළට හාරා තිබේ.
විහාර සංකීර්‍යාණයට ඇතුලුර වත්ම වීරාසන ඉරියව්වෙන් භාවනානුයෝගීව සමාධි මුද්‍රාවෙන් වැඩ හිඳින හිටි ප්‍රතිමාව චතුරස්‍රාකාර ගල් ආසනයක් මත නිමවා ඇත. එය සිංහ සහ වජ්‍ර මෝස්තරයන්ගෙන්ද අලංකාර කර ඇත. ප්‍රතිමාවේ හිසට පසු පසින් ප්‍රභා මණ්ඩලයකි. එය රශ්මි මණ්ඩලය ලෙසද හැඳින්වේ.
කුඩා සමාධී බුද්ධ ප්‍රතිමා සැරසිලිවලින් යුක්ත මනරම් මකර තොරණකින්ද අලංකාරවත්ය. තොරණ පිටුපස කුඩා ප්‍රමාණයේ අලංකාර සමාධී ප්‍රතිමා හතරකි. ප්‍රතිමාව උසින් අඩි පහළොවකි. අනෙක් සමාධී ප්‍රතිමාව නිශ්ශංක ප්‍රතිමා ගෘහය තුළ නිර්මිතය. එයද පිහිටි ගලෙහිම නෙළා වඡ්‍රාසනය මත නිමවා ඇත. ප්‍රතිමාවේ සිරසට ඉහළින් සේසතකි. ප්‍රතිමාව ඉදිරියෙන් විජිනිපත් උසුලන දෙදෙනෙක් සිටිති. ප්‍රතිමාවට ඉහළින් දකුණු දෙසින් බ්‍රහ්ම දෙවි රුවකි. ප්‍රතිමාවට වම් පසින් විෂ්ණු දෙවි රුවකි. ඉන් බුදුන්ගේ දේවාති දේව ගුණය පිළිපිඹු කරයි. එහි අදහස දෙවියන්ට වඩා උසස් බවයි. ප්‍රතිමාව උසින් අඡි හතරයි අඟල් හතකි. එකල මේ ලෙන තුළ සිතුවම්ද තිබූ බව ද පෙනේ. ප්‍රතිමා ලෙන ආසන්නයේ සුප්‍රසිද්ධ පොළොන්නරු කතිකාව වේ.
අනතුරුව අලංකාර හිටි පිළිමයකි. සත්වයා දුක්වන අයුරු බලා බුදුන් දක්වන බව ඉන් කියැවේ. දිගින් අඩි හතළිස් හයක් වන සැතපෙන ප්‍රතිමාවක් ද විශිෂ්ට නිර්මාණයකි. මහා වංශය එය නිපන්න ප්‍රතිමා යනුවෙන් දක්වා තිබේ.
බුදුන්ගේ වම් පාදය දකුණු පාදය මත සිටින සේ නිමවා වම් පාදය මඳක් කෙටිකර දකුණු පාදයෙන් පසුපසට ගෙන නෙලා ඇත. එහෙයින් මෙයින් බුන්වහන්සේගේ පිරිනිවන සංකේතවත් වන බව විශ්වාස කෙරේ සිරි පතුල නෙළුම් මලින් අලංකාර කර ඇත. හිස පිහිටි කොට්ටය මැද සිංහ මුහුණකින් සරසා තිබේ. මුහුණෙන් ප්‍රකාශිත මහා කරුණා ගුණය සිවුර මගින් අර්ථවත් කර ඇත.
ගල්විහාර පරිශ්‍රයේ දැකිය හැකි අනෙක් විශේෂත්වය වන්නේ පොළොන්නරු කතිකාවතයි. එය සමානී ප්‍රතිමාවත් හිටි ප්‍රතිමාවත් අතර පිහිටි ගලේ නිමවා ඇත. පැරකුම් රජු තුන් නිකාය සමගි කරණු පිණිස එය කරවූයේය.
දිගින් අඡි දහතුනක් වන එහි පේළි 57 කි. ශ්‍රී ලංකාවේ පැරණිතම කතිකාවත වන මෙය භික්ෂූන් වහන්සේ පාඩම් කළ යුතු ධයානම කරුණු, වත්පිළිවෙත්, ග්‍රන්ථධූර හා විදර්ශනා ධූර පිරීම වැනි කරුණු ඇතුළත්ය. ක්‍රි.ව. 1165 කරන ලදැයි සැලකෙන මෙය බුද්ධ පරනිර්යාවාණයෙන් වසර 1708 පසු සංඝ සංශෝධනය කළ බවද සඳහන්ය.
ගල් තලාව මත ජීවමාන අයුරින් නෙළා ඇති සමාධීගත ප්‍රතිමා මෙන්ම නිද්‍රා සුවයෙන් වැඩ වෙසෙන ප්‍රතිමාවද අනන්ත කරුණාව විදහා දක්වන හිටි ප්‍රතිමාවද වන පිළිම ලොව අග්‍ර ගණයේ කලා නිර්මාණයන් වන අතර ලෝකයේ අනර්ඝතම බුද්ධ සමාධි බුදු පිළිමය ඇතුලු ප්‍රතිමා කිහිපය අතරට එක්වේ.
