වාක්‍යයක ක්‍රියා පද එකකට වැඩිය යෙදිය හැකි අතර, කතෘගේ අවසාන ක්‍රියාවට ප්‍රථමයෙන් යෙදෙන ක්‍රියාව පූර්ව ක්‍රියාවක් ලෙස හැඳින්වේ.
ළමයා බත් කමින් රූපවාහිනිය නරඹයි.
මෙහි කමින් යන්න පූර්ව ක්‍රියාවකි.
වාක්‍යයක පූර්ව ක්‍රියා එකකට වැඩියෙන් තිබිය හැක.
ළමයා බත් කා පොත කියවා දෙමාපියන්ට වැඳ නින්දට යයි.
ඉහත වැකියේ කා, කියවා, වැඳ යන ක්‍රියා පද පූර්ව ක්‍රියා වේ.
අමර උදෙන්ම නැගිට මුහුණ සෝදා බත් කයි.
අයියා අත්පන්දු ගසා වැවට ගොස් නෑවේය.
සඳමාලි ගී ගයමින් වේදිකාවේ නටයි.
අම්මා මල් නෙළා, පැන් ඉස පූජා කොට වඳියි.