ජලසම්පාදනයේ විශේෂත්වයක් දැක්වූ පාලකයෝ
 

පණ්ඩුකාභය රජ
ක්‍රි.පූ. 337-307
ඉතිහාසයේ සඳහන්වන මුල්ම වැව වන අභයවැව (බසවක්කුලම) කරවීම

දේවනම්පියතිස්ස රජ
ක්‍රි.පූ. 250-210
තිසා වැව තැනවීම

වසභ රජ
ක්‍රි.ව. 65-109
ප්‍රමාණයෙන් තරමක් විශාල වැව් තැනවීමේ ආරම්භකයාය. වැව් 11 සහ ඇළවල් 12 කරවීය.
උදා: මහවිලච්චිය, මානාකැටිය, නිතුපත්පාන, ඇළහැර ඇළ.

මහසෙන් රජ
ක්‍රි.ව. 276-303
මින්නේරිය, කවුඩුල්ල, හුරුළුවැව, මහකනදරා, මාමිණියා, මහගල් කඩවල සහ පබ්බතන්න ඇළ හෙවත් ඇළහැර ඇළ දීර්ඝ කරවීම.

උපතිස්ස රජ
ක්‍රි.ව. 365-406
තෝපා වැව කරවීම.

ධාතුසේන රජ
ක්‍රි.ව. 455-473
කලාවැව, මාදතුගම සහ ජයගඟ හෙවත් යෝධ ඇළ කරවීම.


11 වැනි මුගලන් රජ
ක්‍රි.ව. 535-555
පදවිය වැව සහ නච්චාදූව වැව කරවීම.

1 වැනි අග්බෝ රජ
ක්‍රි.ව. 575-608
මාමඩුව වැව, සිරිවඩ්ඩමානක වැව, කුරුන්දි වැව සහ මිනිපේ වේල්ල ඉඳිකරවීම, මින්නේරිය වැවේ සිට ඇළ මාර්ගයක් කරවීම.


11 වැනි අග්බෝ රජ
ක්‍රි.ව. 608-618
කන්තලේ සහ ගිරිතලේ වැව් කරවීම.

1 වැනි පරාක්‍රමබාහු රජ
ක්‍රි.ව. 1153-1186
පරාක්‍රම සමුද්‍රය කරවීම.

(c) Shilpa Sayura Foundation 2006-2017