අතීත ශ්‍රී ලාංකිකයෝ ස්වභාව ධර්මයන් සමඟ බැදුණු සාමකාමි දිවිපෙවෙතක් ගතකළහ. ගොවිතැන ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වු අතර ගොවිතැනෙහි නොයෙදෙන විවේකි අවස්ථාවල ඔවුහු කලාත්මක කටයුතුවල මෙන්ම ඇළවේලි, වැව් නඩත්තු කිරීම ආදී කටයුතු කළහ. සෑම ගමක්ම පාහේ ස්වයංපෝෂිත වූ අතර ගමට අවශ්‍ය සියලුම දේ ගමතුළ නිපදවා ගත්හ. ගමට නායකයෙක් සිටි අතර ආගමට දහමට නැඹුරු ජීවිත ගතකළ ගැමියන් බොහෝ විට එකිනෙකාට උදව් කරගනිමින් සිය කටයුතු ගෙන ගියහ.

