අනුරාධපුර යුගයටම අයත් සීගිරිිය රාජධානියක් ලෙස කාශ්‍යප රජතුමා ආරම්භ කළත් එහි ඇති විශිෂ්ට කලානිර්මාණ දෙස බලන කල බොහෝ කලක් තිස්සේ සැලසුම් සහගතව ඉඳිකළ ස්ථානයක් ලෙස පෙනීයයි. ජ්‍යාමිතික හැඩතල අනුව ඉඳිකළ ශිලා උද්‍යාන, ජල උද්‍යාන වලින් සැදුම්ලත් මේ මනරම් නගරය සිංහලයාගේ කලාත්මක සිතුම් පැතුම් වල කැඩපතක් වැන්න. ආරක්ෂාව අතින් ද සීගිරිය පර්වතය වටා ඇති දිය අගල් ප්‍රාකාර සහ මුරකුටි දෙස බැලූ විට ආරක්ෂක කටයුතු අතින් ද හමුදා විශේෂඥ දැනුමක් ඔවුන් අතර තිබූ බව පෙනේ. සීගිරි පර්වතයේ ගුහා තුළ අඳින ලද මනරම් රේඛා චිත්‍ර නිසා සීගිරිය ලෝක ප්‍රසිද්ධ වී ඇත. පර්වත බෑවුමේ ඇති කැටපත්පවුරේ ලියා ඇති කුරුටු ගී එකල තිබූ අක්ෂර කලාවන් සාමාන්‍ය වැසියා තුළ තිබූ කලාත්මක හැඟීම් පිළිබඳව අපට බොහෝ දේ කියාදෙයි. සීගිරිය ගි මුදුනේ පිහිටුවා ඇති මාලිගය සහ පොකුණුවල නටඹුන් දෙස බැලූවිට පැරණි සිංහලයාගේ නිර්මාණාත්මක හැකියාවන් කලාත්මක සිතුම් පැතුම්වල සම්මිශ්‍රණයක් බව පෙනෙයි.
