විධි ක්‍රියා හෙවත් විධාන ක්‍රියා
 

යම් කිසි විධානයක්‌ හෝ අණ කිරීමක්‌ හඟවනු පිණිස යෙදෙන පද විධි ක්‍රියා ලෙස හැඳින්වේ. විධි ක්‍රියා ආදරයෙන් හෝ අනාදරයෙන් ද සිදු කල හැකිය.

දරුව, මෙහි එන්න. (ආදරයෙන්)
වහා මෙතනින් පලා යනු. (අනාදරයෙන්)


මෑණියනි, මට සමාව දෙන්න.
පනින්ට පෙර සිතා බලනු.
ගුණදම් රකිමු.

රටට, දැයට ආදරය කරන්න.
ස්‌වාමීණී, බණට වඩින්න.
එම්බා පුරුෂය, මෙහි එව.
පරිසරය රැකගනිමු.
පරිසරය රැකගනු.

මනමේ :
වැදිරජ - වහා තාගේ කඩුව හා දුනු හී බිම දමා මට නමස්කාර කරව
මනමේ කුමරු - වහසි බස් නොදොඩව වනචරය තා හා තාගේ වැදි සෙනග එක පහරින් සුණු විසුණු කර දමමි

(c) Shilpa Sayura Foundation 2006-2017