බුදුන්වහන්සේගේ අධ්‍යාත්මික ගුණධර්ම පිළිබිඹුවන අයුරින් නෙළා ඇති පිළිම ද ලාංකේය කලාශිල්පියාගේ දක්ෂතාවය කියාපාන තවත් වැදගත් කලා නිර්මාණයන්ය. මේවා හිඳිපිළිම, හිටි පිළිම සහ සැතපෙන පිළිම ආදී වශයෙන් හදුනාගත හැකිය. අනුරාධපුරයේ සමාධි බුදුපිළිමය, අවුකන හිටි පිළිමය සහ පොළොන්නරු ගල් විහාරයේ සැතපෙන සහ හිඳි පිළිම පැරණි ශිල්පියාගේ කලා කෞශල්‍ය මෙන්ම ගණිතයෙහි තිබූ දක්ෂතාවත් මනාව පෙන්වයි.
ලොව මවිත කරන අන්දමින් ගලින් නෙලා ඇති බුදුපිළිම අනුරාධපුර සංස්කෘතිය අපට උරුමකර දී තිබේ. මෙම පිළිමවල ඇඟිලි තුඩු පවා ඉතා මුදු මොළොක් ආකාරයෙන් නිමවා ඇත. මෙම පිළිම නෙළීම සඳහා ඉන්දියාවේ ගුප්ත කලා සම්ප්‍රදායේ බලපෑම ලැබී ඇත.
