සඳකඩ පහණ
 


පැරණි ආගමික ගොඩනැගිලිවලට ඇතුළුවන පියගැට පාමුල යොදා ඇති සඳකඩපහණ ද ඉතා අගනා කලා නිර්මාණයකි. ගිනිදැල්, පලාපෙති මෝස්තර සහ එකා පිටුපස දුවන ආකාරයෙන් දැක්වෙන ඇත්, අස්, ගව සහ සිංහ යන සත්ව පේලියකින් යුක්ත වූ අනුරාධපුර යුගයේ සඳකඩ පහණත්, ගවයා ඉවත්කරන ලද පොළොන්නරු යුගයේ සඳකඩපහණත් ලාංකීය කලා ශිල්පියාගේ දක්ෂතාවය මොනවට විදහා දක්වයි. අනුරාධපුරයේ බිසොමාලිගයෙහි සඳකඩ පහණ දැනට ඉතිරි වී ඇති ඒවායින් දර්ශනීයම සඳකඩ පහණ වෙයි.

(c) Shilpa Sayura Foundation 2006-2017