කාලිංග මාඝ ක්‍රි.ව. 1215-1236
 

පොළොන්නරවේ පැවති ව්‍යාකුල දේශපාලන තත්ත්වය හමුවේ අති ප්‍රබල කුලී හමුදාවක් සමඟ කාලිංග දේශයේ සිට පැමිණි මාඝ, රාජ්‍යය පැහැරගත්තේය. අතිශය කෲර පාලකයෙකු ලෙස දැක්වෙන මොහුගේ රාජ්‍යකාලය අවුරුදු 21 කි. වෙහෙර විහාර කොල්ලකා, සිංහලයන් සතු ගේදොර, කෙත්වතු ආදිය විනාශ කරමින් ඔවුන් සතු සියලු වස්තුව කොල්ලකා ගත්තේය. ඔහු වෙහෙර විහාර බිමට සමතාල කොට භික්ෂූන්වහන්සේ පවා ශාරීරික වද හිංසනයට පත්කළේය. එසේම පොත්පත් මෙන්ම විශාල වශයෙන් ද විනාශ කළ බව ද සඳහන්වේ.

මේවා බෞද්ධ පොත්පත් මෙන්ම වෛද්‍ය පොත්පත් ද වන්නට ඇත. පොළොන්නරුව අගනුවර කරගත් මාඝ ගේ පාලනය ප්‍රබල යුද සංවිධානයක් මෙන් විය. ඔහු ලංකාවේ ප්‍රධාන නැව්තොට ආශ්‍රිතව බලකොටු ඉඳිකර සතුරු ආක්‍රමණ පැමිණීම වැලැක්වීමට ද කටයුතු කර ඇත. මොහුගේ පාලනය නිසා සිංහලයෝ රජරට රාජධානිය අතහැර නිරිතදිගට සහ දකුණු දිගට සංක්‍රමණය වූහ.

මෙකල වන විට කාලිංග සහ පාණ්ඩ්‍යයන් රාජවංශ දෙක එකිනෙකා පරයමින් කළ බලතරග අනුව ඇති වූ අරාජික තත්ත්වයන් නිසා පොළොන්නරු රාජධානිය බිඳ වැටුණි. වැව් අමුණු ආදිය නිසි නඩත්තුවක් නොමැතිවීමත් යුද්ධෝපක්‍රම ලෙස කඩා බිඳ දැමීමත් නිසා වල්බිහි විය. කෘෂිකර්මය බිඳවැටීම නිසා ආර්ථික තත්ත්වය ද සුදුසු තත්ත්වයක නොවීය. දේශපාලන අස්ථාවරත්වය සහ නිසි නායකත්වයක් නොමැතිකමත් මාඝගේ කෲර පාලකයෙකු බිහිනොවීමත් සමඟම ජලාශ්‍රිත ශිෂ්ඨාචාරය බවට පත්වූ රජරට පාලනය මෙසේ අවසන් විය.

(c) Shilpa Sayura Foundation 2006-2017