කල්‍යාණවතී රැජින ක්‍රි.ව. 1202-1208
 

පොළොන්නරුවේ රජකල නිශ්ශංකමල්ල රජතුමාගේ බිසව වූ කල්‍යාණවතී රැජින වසර හයක් පොළොන්නරුවේ රාජ්‍ය කළාය. ඇයට රාජ්‍ය පාලනය ලබාදීමට උපකාර වූයේ ආයස්මන්ත නම් සෙනෙවියෙකි. නිශ්ශංකමල්ල රජතුමාගේ ශාසනික සේවාවන් සඳහා උපකාරි වු මෙම බිසව දෙවිනුවර වැනි ඈත ප්‍රදේශවල විහාරස්ථාන සඳහා ධන පරිත්‍යාග කොට ඇත. නිශ්ශංකමල්ල රජු විසින් පිහිටවනු ලැබූ සෙල්ලිපිවල කල්‍යාණවතී බිසවගේ නම ද සඳහන්ව තිබීමෙන් පෙනෙනුයේ රජුගේ ශාසනික කටයුතු වලදී ඇය ද සහභාගි වී ඇති බවය.

(c) Shilpa Sayura Foundation 2006-2017