පොළොන්නරු යුගයේ තෙවරක්ම රාජ්‍යත්වයට පත් රැජින වන්නේ ලීලාවතී රැජිනයි. පළමුවර වසර තුනක් ද, දෙවනවර එක් වසරක් ද, තුන්වනවර මාස හතක් වැනි කෙටි කාලයක් ද ඇගේ රාජ්‍ය සමය විය. ඇය මහාපරාක්‍රමබාහු රජුගේ මෙහෙසිය වූවාය. එමෙන්ම රුහුණේ පාලකයාව සිටි ශ්‍රී වල්ලභ සහ සුගලා බිසවගේ දියණියයි. මොවුන් දෙදෙනාගේ විවාහය සිදුවීමට ප්‍රධාන හේතුව වූයේ රුහුණු රාජ්‍යය සහ දක්ඛිණ දේශය අතර සම්බන්ධතාවය ඇතිකිරීමේ අරමුණෙනි. නිශ්ශංක මල්ල රජුගෙන් පසු ඇමතිවරු තමන්ට රුචි වූ අය සිහසුනෙහි තබාගැනීමට වෙහෙසුනහ. මේ අනුව වරින් වර රාජ්‍යත්වය මෙසේ වෙනස්විය. දේශපාලන වියවුල් පැවතිය ද සාහිත්‍ය අංශයෙහි ප්‍රබෝධයක් මෙකල පැවති බව පෙනේ. සසදාවත සහ දාඨාවංශය ලියැවී ඇත්තේ ලීලාවතී රැජිනගේ කාලයේදීය.