අවුරුදු 50 කට ආසන්න කාලයක් තිස්සේ පොළොන්නරුවේ අවිචාර සමය නිසා දේශපාලන වශයෙන් අවුල් සහගතව පැවති ශ්‍රී ලංකාව එක්සත් කොට, කොටස් කිහිපයකට බෙදී පැවති රාජ්‍යයක් මධ්‍ය පාලනයක් යටතට ගෙන ඒමේ ගෞරවය පරාක්‍රමබාහු රජතුමාට හිමිවේ. එතුමා ක්‍රි.ව. 1153-1186 කාලය තුළ ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වය දැරුවේය.
මෙම රජතුමා දක්ඛිණ දේශයේ පාලකයාව සිටියදී ආරම්භ කළ ආර්ථික සංවර්ධන කටයුතු මනා සංවිධානයක් යටතේ පොළොන්නරු රාජධානියේ ද සිදුකළේය.
"අහසින් වැටෙන දිය බිංදුවක්වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයවව්" යන අධිෂ්ඨාන පූර්වක ප්‍රකාශයෙන් නිසි ප්‍රයෝජනය ගෙන කටයුතු කළ මෙතුමා වැව් අමුණු ඉදිකිරීම, පැරණි වාරි මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම ද, කුඩා වැව් කිහිපයක් එක්කොට විශාල වැව් තැනවීම ද මෙතුමා අතින් සිදුවිය.
පරාක්‍රම සමුද්‍රය ආදී විශාල වැව් 163 ක්‌ද කුඩා වැව් 2376 ක්‌ද වාරිමාර්ග 3910 ක්‌ද අමුණු 165 ක්‌ද ඔහ විසින් කරවූ බව වංශකතාවේ සඳහන් වේ. ඒවා සියල්ල ඔහු විසින් අලුතින් ඉදිකළ ඒවා සහ ප්‍රතිසංස්‌කරණය කළ ඒවා ලෙස සැලකීමට පුළුවන.
ඒ හැර උණූසුම් කාලයේ ශ්‍රීස්‌මය නිවා ගැනීම සඳහා පරාක්‍රම සමුද්‍රය තුල ශීත මාලියක් ද ඉදිකරවා ඇත.
පරාක්‍රම සමුද්‍රයේ මැද ඇති වසන්ත මාලිගය නම් සීත මාලිගාව
ආර්ථිකය හා විදේශ වෙළඳාම දියුණු කල මෙතුමාගේ කාලයේ ශ්‍රී ලංකාව පෙරදිග ධාන්‍යාගාරය ලෙස හැඳින්විණි. එතුමා එකළ ගෝකණ්න නමින් හැඳින්වූ ත්‍රිකුණාමළය වරාය කේන්ද්‍ර කොටගත් නැව් හමුදාවක්ද ගොඩ නැගීය. කාම්බෝජය බලා ගමන්ගත් සිංහල කුමාරිකාවක් සහ ඇගේ පිරිස බුරුමය හරහා ගමන් කරද්දී කිසිදු හේතුවක් නොමැතිව ඔවුන් සිරභාරයට ගත් නිසා එරටට විරුද්ධව කිත්ති නගරගිරි සෙනෙවියා යටතේ නාවික හමුදාවක් යවා සටන් කර ජය ගති.
පරාක්‍රමබාහු රජ මාලිගය
පොළොන්නරු නගරය අලංකාර උද්‍යාන, පොකුණු, ලතා මණ්‌ඩප (ලියගොමු) ආදී වූ සියලු නගරාංගයනයන්ගෙන් යුක්‌තව ප්‍රතිනිර්මාණය කළ පරාක්‍රමබාහු රජතකුමා වෛජයන්ත ප්‍රාසාදය නම් වූ දර්ශණීය රජ මාළිගයක් ද ගොඩනංවන ලඳී. එය මහල් හතකින් යුක්‌ත විය. ගබඩා 17ක්, චිත්‍ර ශාලා, නාට්‍ය ශාලා ආදියෙන් ද සමන්විත විය. මේ සියලුම වාස්‌තු විද්‍යා නිර්මාණවල නටබුන් අද මතකුකරගෙන තිබේ.