![]() | මහවැලි ගඟ වම් ඉවුරෙහි පොළොන්නරුව පිහිටා ඇත. ත්‍රිකුණාමලයටද , මහනුවරටද මහවැලි ගඟ දිගේ ලඟාවීමට හැකිය. අතීත මහියංගන හා මාගම අනුරාධපුරය මාර්ගය වැටී තිබුණේ පොළොන්නරුව ආසන්නයෙනි. මෙනිසා රුහුණෙන් පැමිණෙන සතුරු උවදුරු වලට කල් ඇතිව මුහුණ දීමට සුදුසුම ස්ථානය වූයේ පොළොන්නරුවයි. |

එමෙන්ම සතුරු උවදුරු නිසා කොල්ලකෑම්වලට ලක්වූ අනුරාධපුර නගරය ඉතා දරුණු ලෙස විනාශයට පත් වී තිබීමත්, නව අගනගරයක් ලෙස පොළොන්නරුව තෝරාගැනීමට හේතුවක් වන්නට ඇත. පොළොන්නරුව අගනුවර ලෙස තෝරාගත් සොළීන් එයට "ජනනාථපුරම්" යනුවෙන් නම් තැබූ අතර තම බල ප්‍රදේශය මුම්මුඩි චෝළ මණ්ඩලම් ලෙස හැඳින්වූහ.
පුරාණ කාලයේ දී පුලස්ති පුරය යනුවෙන් ද පොළොන්නරුව හඳුන්වා ඇත. පාලි භාෂාවෙන් මෙය පුලස්ති පුර ලෙස ද ශිලා ලිපිවල 'පුලනරු' ලෙස දැක්වෙයි. පුලනරු නාමය ක්‍රමයෙන් පරිණාමය වී පොළනරු සහ පොළොන්නරුව ලෙස වෙනස් වී ඇති සෙයක් පෙනෙයි.


